සංකල්පය:
‘‘බිය’’ යනු දෙවිඳාණන්ට නමස්කාර කිරීම හේතුවෙන් උතුමාණන්ගේ පෙදෙසින් ගැත්තෙකුගේ සිතට ඔහු පිළිබඳ පහළ වන ගෞරවයකි. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {නියත වශයෙන් ම තම මිතුරන් මෙසේ බිය ගන්වන්නේ ෂෙයිතාන් ය. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. නුඹලා විශ්වාසවන්තයින් නම් මට බිය වනු.}
[උතුම් කුරානයේ 3 : 175 වැකියේ අදහස]
මෙම වැකියෙන් දෙවිඳාණන් මිනිසාට අවධාරණය කරනුයේ උන්වහන්සේට පමණක් බිය වන ලෙසට ය. එය දේව විශ්වාසයේ අනිවාර්යය අංගයක් යන්න ද ගම්‍ය වන්නේය. එමෙන් ම සත්‍ය දේව ඇදහිලිවන්තයෙකුගේ දේව විශ්වාසයට අනුකූල ව ඔහුගේ බිය ද පවතින්නේය.
ආයිෂා තුමිය මෙලෙස පවසන්නීය. «පහත සඳහන් උතුම් කුරානයේ වැකිය සම්බන්ධයෙන් දේවදූත මුහම්මද් තුමාණන්ගෙන් මම විමසීමි. එනම්,{තම දෙවිඳාණන් වෙත ආපසු යායුතුය යන බිය නිසාවෙන් තමන් ලද දෑ තුලින් අන්අයට ලබා දෙන්නන් } එමෙන් ම ඔවුන් මත්ද්‍රව්‍යය පානය කරන්නන් මෙන් ම සොරකම් කරන්නන් නො වේ ද? යන්නෙන් ද ඇසීමි. එවිට දේවදූත මුහම්මද් තුමාණෝ අහෝ අබුබක්ර් ගේ දියණිය, ”නැත” ඔවුන් උපවාසයේ නියැලෙති. පස්වේලේ නමස්කාරය ඉටුකරති. සත්‍ය කතා කරති. එමෙන් ම මෙම යහකි‍්‍රයාවන් ඔවුනගෙන් පිළිගනු නොලැබෙයි දෝ යනුවෙන් ද බිය වෙති.» (-මූලාශ‍්‍රය : තිර්මිදි)
දෙවිඳාණන් කෙරෙහි බිය ඇතිකරන කරුණු:
01. ඔවුන්ගේ දැනුමෙන් දෙවිඳාණන්ගේ නාමයන්, ගුණාංගයන් සහ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අවබෝධ කර ගැනීම.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{ඔවුනට ඉහලින් සිටින පරමාධිපතිට ඔවුහු බිය වෙති}
[උතුම් කුරානයේ 16 : 50 වැකියේ කොටසක අදහස]
02. දෙවිඳාණන් පිලිකුල් කළ මෙන් ම තහනම් කළ කි‍්‍රයාවන්හි නියැලීමට බිය ඇතිවන්නේය. එසේ නියැලූනහොත් නිරයේ වේදනාත්මක දඬුවම් ඔහුට ඇත්තේය. එය ඉතා භයානක ස්ථානයකි.
03. මේ පිළිබඳ දෙවිඳාණන් දන්නා බව දැනගෙන ද එයට දඬුවම් ලබා දීමේ ශක්තිය උතුමාණන්ට ඇති බව අවබෝධ කරගැනීමෙන් අනතුරුව ද අනිවාර්යය නමස්කාරයන් අතපසු මෙන් ම අඩුපාඩු කරන්නෙමු යි ඔවුනට හැෙඟන්නේය. මෙය සුළු පාපයක් යැයි නොතකා මහා පාපයක් යන්න සිතා මෙයින් මිදිය යුතුය.
04. දෙවිඳාණන්ගේ ධර්මය සහ උන්වහන්සේගේ දේවදූතයින් කවරෙකු ප‍්‍රතික්ෂේප කරන්නේ ද ඔවුනට දෙවිඳාණන් දැඩිලෙස අවවාද කරන්නේය.
05. දෙවිඳාණන්ගේ වදන් ගවේෂණය කළ යුතු අතර දේවදූත මුහම්මද් තුමාණන්ගේ චරිතාපදානය ද හැදෑරිය යුතුය.
06. දෙවිඳාණන්ගේ ගෞරවය පිළිබඳ අවබෝධ කර ගත යුතුය. කවරෙකු ඒ පිළිබඳ සිතන්නේ ද ඔහුගේ එම සිතුවිල්ල මඟින් ඔහු දෙවිඳාණන්ගේ ගෞරවය පිළිබඳ දැනහැඳින ගන්නේය. උතුමාණනගේ අවවාදයන් පිළිගෙන කවරෙකු එම අවවාදයන් වලට අවනත වී කටයුතු කරන්නේ ද ඔහු උන්වහන්සේට බිය වන්නේය.
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {දෙවිඳාණන් ඔහු ගැන නුඹලාට අවවාද කරන්නේය}[උතුම් කුරානයේ 03 : 28 වැකියේ කොටසක අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{අගය කළ යුතු පමණට ඔවුහු දෙවිඳාණන් අගය නොකළෝය. (ඔහුගේ බලපරාක‍්‍රමය කෙබඳු ද යත්) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුළු මහත් පොළෝ තලය ඔහුගේ ග‍්‍රහණයෙහි ය. අහස් ද ඔහුගේ දකුණු අතෙහි හකුළුවන ලදී.} [උතුම් කුරානයේ 39 : 67 වැකියේ කොටසක අදහස]
දෙවිඳාණන්ට බිය වීමට නම් උතුමාණන් පිළිබඳ දැන ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. උන්වහන්සේ පිළිබඳ දැනගත යුතු නම් උතුමාණන්ට බිය විය යුතුය. උතුමාණන්ට බිය වීම මඟින් අවනත වීම ද අත්‍යවශ්‍ය වන්නේය.07. මරණය ගැනත් එහි භයානක්වය ගැනත් සිතිය යුතුය. මන් ද එය වැළැක්විය නොහැකි දෙයකි. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {නියත වශයෙන් ම නුඹලා (බිය වී) පලායන මරණය නියත වශයෙන් නුඹලා හමුවන්නේය}
[උතුම් කුරානයේ 62 : 08 වැකියේ කොටසක අදහස]
මෙමඟින් දෙවිඳාණන් පිළිබඳ ත‍්‍රාසය ඇති කරන්නේය.
දේවදූත මුහම්මද් තුමාණන් මෙසේ දේශනා කළේය. «ලෞකික ආශාවන් කාබාසිනියා කරවන මරණය පිළිබඳ ඔබලා අධික ලෙස සිතන්න. කවරෙකු මරණය සිහිපත් කරන්නේ ද ඔහු දුෂ්කර දිවියෙන් සමුගෙන යහපත් දිවියක් කරා පා තබන්නේය. එමෙන් ම ඔහුගේ සිතෙහි තිබෙන අධික තෘෂ්ණාව ද නැති වී යන්නේය» (මූලාශ‍්‍රය : තබරානි)
08. මරණින් මතු මෙන් ම සොහොන් දිවිය සහ ඉන් අනතුරුව ඇති අවස්ථාවන් පිළිබඳ සිතා බැලීම. «දේවදූත මුහම්මද් තුමාණන් මෙසේ දේශනා කළේය. ” මම ඔබලාට සොහොන් බැහැදැකීම තහනම් කළෙමි. දැන් ඔබලා එම ස්ථානයන් බැහැදකින්න. මන් ද එමඟින් ලෞකික ආශාවන් තුරන් කරනු ලැබෙන අතර මරණින් මතු දිවිය පිළිබඳව ද මතක් කරනු ලැබෙන්නේය.» (මූලාශ‍්‍රය : ඉබ්නු මාජා)
බරා තුමාණන් විසින් වාර්තා කරන ලදී. «'දිනක් අපි දේවදූත මුහම්මද් තුමාණන් සමඟ මෘත දේහයක් භූමදානය කිරීමේ කටයුත්තක නිරත වී සිටියෙමු. එම දේහයේ අවසන් කටයුතු නිමා වන තුරු එතුමාණෝ කඳුලූ සැලූවෝය. අනතුරුව ”මාගේ සහෝදර වරුනි, මෙවැනි අවස්ථාවක් ඔබලාට ද උදාවන්නේය. ඔබලා සූදානම් කර ගන්න.” යනුවෙන් පැවසුවෝය» (මූලාශ‍්‍රය : ඉබ්නු මාජා)
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {ජනයිනි, නුඹලාගේ පරමාධිපති කෙරෙහි බියබැතිමත් වනු. තවද කිසිදු පියෙකු තම පුතනුවන් වෙනුවෙන් කිසිවක් කළ නොහැකි, එමෙන් ම කිසිදු දරුවෙකු තම පියාණන්ට කිසිවක් කළ නොහැකි දිනයක් කෙරෙහි බියවනු. නියත වශයෙන් ම දෙවිඳාණන්ගේ පොරොන්දුව සත්‍ය ය. එමනිසා මෙලොව ජීවිතය නුඹලා නොරැුවටිය යුතුය. තවද රවටන්නා ද අල්ලාහ් ගැන නුඹලා නොරැුවටිය යුතුයි} [උතුම් කුරානයේ 31 : 33 වැකියේ අදහස]
09. මිනිසුන් සුළු පාපයක් යැයි සිතන පාපයන්ගේ දඬුවම් පිළිබඳ සිතා බැලීම. මෙයට දේවදූත මුහම්මද් තුමාණන් උදාහරණයක් ඉදිරිපත් කළෝය. ”මිනිසුන් කණ්ඩායමක් එක්තරා මිටියාවතක බැස ඔවුනට රොටී පිච්චීමට තරම් අවශ්‍යය කෝටු කැබලි රැගෙන ආවෝය. එහි එම කෝටු කැබලි අතර සබඳතාවක් පවතී. එලෙස පාපයෙන් අනතුරුව පාපයක නියැලෙන සාපරාදී පුද්ගලයාගේ සම අතර සහ ගින්න අතර සබඳාවයක් පවතින්නේය.” මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {ඔවුන්ගේ සම් ගින්නෙන් දැවී යන සෑම විටක ම}
[උතුම් කුරානයේ 4 : 5 වැකියේ කොටසක අදහස]
10. ගැත්තෙකුට තමා කළ පාපය සඳහා පාපක්ෂමාවේ නියැලීමට අවස්ථාව ලැබෙනුයේ ඔහුගේ මරණය තෙක් පමණි. එම අවස්ථාවේ ඔහු පසු තැවෙන්නේය. නුමුදු ඔහුගේ පසු තැවීමෙන් කිසිදු ඵලක් නැත.
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :
{අවසානයේ ඔවුන්ගෙන් යමෙකුට මරණය පැමිණි කල්හි මාගේ පරමාධිපතියාණනි, මා අත්හල දෑහි මට යහකම් කරන්නට හැකිවන සේ මා ආපසු (ලොවට) යවනු මැනවයි කියන්නේය}[උතුම් කුරානයේ 23 : 99 වැකියේ අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{දුක්මුසු දිනය ගැන ඔවුනට ඔබ අවවාද කරනු}
[උතුම් කුරානයේ 19 : 39 වැකියේ කොටසක අදහස]
11. අයහපත් අවසානය පිළිබඳ සිතා බැලීම.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:සුරදුතයින් ප‍්‍රතික්ෂේප කරන්නන්ගේ ප‍්‍රාණය උදුරාගෙන මරණයට පත් කරන විට, පිළිස්සීමේ පීඩාවේ විඳිනුයි කියමින් ඔවුන්ගේ මුහුණට හා ඔවුන්ගේ උකුලට පහර දීම නුඹට දැකිය හැකි නම්}
[උතුම් කුරානයේ 8 : 50 වැකියේ අදහස]
12. දෙවිඳාණන් පිළිබඳ ගෞරවය සහ බියබැතිමත්කම ඇති කරන සභාවන්හි හසුන් ගැනීම. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {දෙවිඳාණන්ගේ ප‍්‍රසාදය උදෙසා උදේ සවස ඔවුන්ගේ පරමාධිපතිට ප‍්‍රාර්ථනා කරන අය සමඟ (සිටිමින්) නුඹ ඉවසිලිවන්ත වනු}
[උතුම් කුරානයේ 18 : 28 වැකියේ කොටසක අදහස]
දෙවිඳාණන් පිළිබඳ ත‍්‍රස්තය යන කරුණ කොටස් දෙකකින් සමන්විත වේ.:
01 උන්වන්සේගේ දඬුවමට බිය වීම:
ආදේශ තබන්නන් සම`ග එකතු වී උතුමාණන්ට ආදේශ තබන්නන්ටත් උන්වහන්සේට අවනත නොවී සහ බිය නොවී පිටුපා කටයුතු කරන්නන්ටත් දෙවිඳාණන් දැඩිලෙස අනතුරු අ`ගවන්නේය.
02 දෙවිඳාණන්ට බිය වීම:
ඉස්ලාමය උගත් විද්වතුන්ට සහ දෙවිඳාණන් පිළිබඳ හොඳින් දන්නා උදවියට ගෞරව කිරීම. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {අල්ලාහ් ඔහු ගැන නුඹලාට අවවාද කරන්නේය}
[උතුම් කුරානයේ 3 : 28 වැකියේ කොටසක අදහස]
දෙවිඳාණන් පිළිබඳ දැනගැනීමේ අවකාශයන් අධික වන සෑම අවස්ථාවක ම ඔහුට උන්වහන්සේ කෙරෙහි බිය ද අධික වන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {නියත වශයෙන් ම දෙවිඳාණන්ට ඔහුගේ ගැත්තන් අතුරින් බියවනුයේ ඥානය ඇත්තෝ පමණි}[උතුම් කුරානයේ : 35 : 28 වැකියේ කොටසක අදහස]
දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් මුළුමනින් ම හැදෑරීමේ බලපෑමක් හැටියට ඔහුට උතුමාණන් පිළිබඳ බියක් ඇති වන්නේය.
සිතෙහි දෙවිඳාණන් පිළිබඳ බිය ඇති වූයේ නම් ලෞකික ආශාවන් සහ ඉච්ඡාවන් ඔහුගේ සිතෙන් වියැකී යන්නේය.දෙවිඳාණන් කෙරෙහි බිය වීමෙන් ලැබෙන ප‍්‍රතිඵල
01. මෙලොවෙහි සැලසෙන වාසි:
මෙලොව සැනසීමෙන් ජීවත් වීමටත් දේව විශ්වාසය සහ මානසික තෘප්තිය දියුණු කිරීමටත් එය උපකාරී වන්නේය. දෙවිඳාණන් විසින් ඔහුට පොරොන්දු වූ දෑ හිමි කර දීමෙන් ඔහුගේ විශ්වාසය තව තවත් ස්ථිර වන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{ප‍්‍රතික්ෂේප කළ අය ඔවුන්ගේ දූතයින් වෙත මෙසේ පැවසූහ. අපි නුඹලා අපගේ රටින් පිටුවහල් කරන්නෙමු. නැතිනම් නුඹලා අපගේ ආගමට නැවත පැමිණිය යුතුය.එවිට ඔවුන්ගේ පරමාධිපති අපි අපරාධ කරන්නන් විනාශයට පත් කරන්නෙමු යැයි දේවදූතයිනට දේව පණිවිඬ පහළ කළේය. ඔවුන්ගෙන් පසුව (එම) දේශයේ අපි නුඹලා පදිංචි කරවන්නෙමු. එය මාගේ (විනිශ්චය) ස්ථානය ගැන බියවන්නන්ටත් (මාගේ) අවවාද ගැන බියවන්නන්ටත්ය}
[උතුම් කුරානයේ 14 : 13 - 14 වැකිවල අදහස් ]
යහක‍්‍රියාවන් කරා ද චිත්ත පාරිශුද්ධිය කරා ද පොළඹවන්නේය. මරණින් මතු දිවියේ දී ඔහුගේ ආනිසංස ක්ෂය නො කෙරෙන්නේය. {අප නුඹලා පෝෂණය කරන්නේ දෙවිඳාණන් උදෙසා ය. අපි නුඹලාගෙන් තෑගි හෝ ස්තූති අපේක්ෂා නො කරන්නෙමු. අපගේ පරමාධිපති වෙතින් එළැඹෙන දුක්මුසු දිනයක් ගැන අපි බියවන්නෙමු}
[උතුම් කුරානයේ 76 : 9-10 වැකිවල අදහස්]
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {උසට ඉදිකරනු ලැබීමටත් එහි ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබීමටත් දෙවිඳාණන්ගේ මන්දිරයන්හි අවසර ලබා දී ඇත. එහි ඔහුගේ ගැත්තන් ඔහුව උදේ සවස සුවිශුද්ධ කරති. (එසේ සුවිශුද්ධ කරනුයේ) පුරුෂයින් ය. (ඔවුන් කවරහු යත්) දෙවිඳාණන් සිහිපත් කිරීමෙන් ද සලාතය ඉටු කිරීමෙන් ද ‘සකාතය ගෙවීමෙන් ද (ඔවුන්ගේ) වෙළඳාම හා ගනුදෙනු ඔවුන් මුලා නො කරයි. හදවත් ද දෘෂ්ටීන් ද පෙරළෙන දිනය ගැන ඔවුහු බිය වෙති}
[උතුම් කුරානයේ 24 : 36-37 වැකිවල අදහස්]
මෙවැනි ගැහැටින් සහ දුකින් පිරි අවකාශයන් ඔහු ව යහපත් ක‍්‍රියාවන්හි නියැලීමට පොළඹවන්නේය. ඔවුන් ජයග‍්‍රහනය බලාපොරොත්තු වන අතර පරාජයට සහ විනාශයට බිය වෙති.
සිතෙහි බිය ඇතොත් එම බිය හේතුකොටගෙන ඔහුගේ සිතේ පවතින ඉච්ඡාවන් දැවී යන්නේය. එසේ දැවෙන ඉච්ඡාවක් ලෙස ලෞකික ආශාව සැලකිය හැකිය. කවරෙකු දෙවිඳාණන්ට බිය වන්නේද එම බිය සියලූ යහපත් දේ කෙරෙහි මග පෙන්වන්නේය.02 මතුලොවෙහි සැලසෙන වාසි
මරණින් මතු දිවියේ විනිස පිටියේ දී දෙවිඳාණන්ගේ සෙවන ඔහුට ලැබෙන්නේය. «දේවදූත මුහම්මද් තුමාණෝ මෙසේ දේශනා කළෝය.
“ලස්සන කාන්තාවක් දුටු පුද්ගලයෙක් ඇයගේ රූපශ‍්‍රීය හේතුකොටගෙන ඇය හා අපචාරයේ හැසිරීමට ආරාධනා කළේය. එවිට ඇය ”මම දෙවිඳාණන්ට බිය වන්නෙමි” යන්නෙන් පැවසුවාය.» (මූලාශ‍්‍රය : බුහාරි)
ඇයගේ මෙම ප‍්‍රකාශය හේතුකොටගෙන සහ ඇගේ තත්ත්වය පහදා දීමෙන් අනතුරුව එම මිනිසා එම පහත් ක‍්‍රියාවෙන් දුරස් වන්නේය. එවිට එම මිනිසාගේ තත්ත්වය වෙනස් වේ. එම සිදුවීමත් සම`ග ම එම මිනිසා සදාකල් දෙවිඳාණන්ගේ සිතුවිල්ලෙහි කල් ගෙව්වේය. දෙවිඳාණන් කෙරෙහි තිබෙන බිය හේතුකොටගෙන ඔහුගේ දෑස් වලින් කඳුළු ගංගාවන් පිටාර ගැලූවේය. «හුදෙකලාවේ දෙවිඳාණන් සිහිකර උතුමාණන් කෙරෙහි ඇති බිය හේතුවෙන් කඳුලූ සලන ලද පූද්ගලයා» (මූලාශ‍්‍රය : බුහාරි)
දෙවිඳාණන්ගේ බිය හේතුවෙන් කඳුලූ සලන ලද පූද්ගලයා දෙනෙත නිරා ගින්න ස්පර්ෂ නො කරයි.
නියත වශයෙන් ම එය සමාව ලැබීමට හේතුවක් වන්නේය.«එක්තරා ගමක ධනකුවේරයෙකු වාසය කළේය. ඔහුගේ අවසන් මොහොත සමීප වී මරණ මංචකයේ සිටින මොහොතේ තම පුතුන් කැඳවා “මම ඔබලාට යහපත් පියෙක් හැටියට සිටියෙමි දැ යි? විචාලේය. ඔව්, ඔබ ශ්‍රේෂ්ඨ පියෙකු හැටියට අප හා කටයුතු කළේය” යනුවෙන් ඔවුහු පැවසුවෝය. එවිට ඔහු මම මාගේ දිවියේ කිසිඳු යහක‍්‍රියාවක් නො කළෙමි. එබැවින් මා මිය ගිය පසු මාගේ චිතකය දවාලන්න. දැවී යාමෙන් අනතුරුව මාගේ අළු එක්රැස් කර වේගයෙන් සුලි කුණාටු හමන දිනයක එම කුණාටුවෙහි මුසු කරන්න. යන්නෙන් තම පුත‍්‍රයින්ට අවවාද කළේය. ඔවුන් ද එලෙස ම කළෝය. ඉන් අනතුරුව දෙවිඳාණන් විසින් සෑම අතක ම විසිරී ගිය ඔහුගේ අළු එක්රැස් කර නැවත ඔහුගේ රූපය ලබා දී මෙලෙස ඉටු කරන ලෙස නුඹට අණ කළේ කුමක් ද යන්න විමසන ලදී. එවිට ඔහු දෙවිඳුණි, එලෙස ඉටු කිරීමට මා පොළඹවන ලද්දේ ඔබ කෙරෙහි තිබෙන බිය යි . යන්නෙන් පිළිතුරු ලබා දුන්නේය. එවිගස ම දෙවිඳාණන් ඔහුට සමාව ලබා දී ඔහු තමාගේ කරුණාවට පාත‍්‍ර කරගත්තේය» (මූලාශ‍්‍රය : බුහාරි)
ඔවුන් උන්වහන්සේට බිය වන නිසාවෙන් ඔවුන්ගෙන් නූගත්කම තුරන් කර ආශිර්වාද කරන්නේය. කවරෙකු මරණින් මතු පුණර්ජීවය ප‍්‍රතික්ෂේප කරන්නේ ද ඔහු ප‍්‍රතික්ෂේපකයින්ගේ පිරිවරට අයත් වන්නේය.
03. කවරෙකු දෙවිඳාණන්ට බිය වන්නේ ද එම බිය ඔහ ස්වර්ගස්ත වීමට හේතුවක් වන්නේය.
«දේවදූත මුහම්මද් තුමාණන් මෙලෙස දේශනා කළේය. “පාරෙහි ගමන් ගන්නා පුද්ගලයා එහි මංමාවත් දෙපස තිබෙන හිරිහැර සහ බාධකයන්වලට තැතිගත් විට තම නඩය සීඝ‍්‍ර කරන්නේය. එසේ තම නඩය සීඝ‍්‍ර කරනා පුද්ගලයා තම නිවසට විගසින් සේන්දු වන්නේය. දැනගන්න, දෙවිඳාණන්ගේ ව්‍යාපාරික භාණ්ඩ ඉතා අනර්ඝ යි. එය ස්වර්ගය යි.” යන්නෙන් පැවසුවේය» (මූලාශ‍්‍රය : තිර්මිදි)
04. මරණින් මතු දිවියේ දී ඔහුට ආරක්ෂාව ලැබෙන්නේය. «මාගේ ගැත්තා මෙලොව මට බිය වූයේ නම් මරණින් මතු දිවියේ දී ඔහුව නිර්භය පුද්ගලයෙකු හැටියට පත් කරමි» (මූලාශ‍්‍රය : බෛහකී)
05. පහත සඳහන් ආකාරයට දෙවිඳාණන් වර්ණනා කළ තත්ත්වයට සත්‍ය දේව ඇදහිලිවන්තයින් පිවිසෙන්නේය.
මේ පිළිබඳ දෙවිඳණෝ වදාළා: {නියත වශයෙන් ම (අල්ලාහ්ට) අවනත වූ පුරුෂයින් ද අවනත වූ ස්ත‍්‍රීන් ද විශ්වාස කරන පුරුෂයින් ද විශ්වාස කරන ස්ත‍්‍රීන් ද කීකරු වූ පුරුෂයින් ද කීකරු වූ ස්ත‍්‍රීන් ද සත්‍යවන්ත පුරුෂයින් ද සත්‍යවන්ත ස්ත‍්‍රීන් ද ඉවසිලිවන්ත පුරුෂයින් ද ඉවසිලිවන්ත ස්ත‍්‍රීන් ද නිහතමානි පුරුෂයින් ද නිහතමානි ස්ත‍්‍රීන් ද දන්පින් (සදකා) කරන පුරුෂයින් ද දන්පින් කරන ස්ත‍්‍රීන් ද උපවාසය රකින පුරුෂයින් ද උපවාසය රකින ස්ත‍්‍රීන් ද තමන්ගේ රහස් අවයවය ආරක්ෂා කරන පුරුෂයින් ද ආරක්ෂා කරන ස්ත‍්‍රීන් ද දෙවිඳාණන් බෙහෙවින් මෙනෙහි කරන පුරුෂයින් ද මෙනෙහි කරන ස්ත‍්‍රීන් ද වන ඔවුනට අල්ලාහ් සමාව ද මහඟු තිළිණ ද පිළියෙළ කර ඇත}
[උතුම් කුරානයේ 33 : 35 වැකියේ අදහස]
මෙම ගෞරවාන්විත වදන් සියල්ලක් ම කියාපානුයේ එහි විශිෂ්ඨත්ව යි. මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා: {ඔවුහු ඔවුන්ගේ ඇළපත් යහන්වලින් ඉවතට ගෙන බියෙන් සහ අපේක්ෂාවෙන් යුතුව තම පරමාධිපතිට ආයාචනා කරති. අප ඔවුනට දුන් දැයින් (දෙවිඳාණන්ගේ මාර්ගයේ) වියදම් කරති. ඔවුන් කරමින් සිටි දෑට ප‍්‍රතිඵල වශයෙන් තමන්ට සඟවනු ලැබූ (තමන්ගේ) ඇස් පිනවන දෑ ගැන කිසිවෙක් නොදනිති}
[උතුම් කුරානයේ 32 : 16 -17 වැකිවල අදහස්]
මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා: {පරලොව පිළිබඳ බියවෙමින් තම පරමාධිපතිගේ දයාලූභාවය අපේක්ෂා කරමින් රාති‍්‍ර කාලයෙහි නමස්කාර කරමින් ද බියබැතිමත් ලෙස නැමදුම් කරන ඔහු එසේ නොකරන අය හා සමාන වන්නේ ද? දන්නා අයත් නොදන්නා අයත් සමාන වන්නේ ද? නියතවශයෙන් ම මෙනෙහි කරන්නන් නුවණැත්තෝමය}
[උතුම් කුරානයේ 39: 09 වැකියේ අදහස]
මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා: {ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවමට බියවන අය ද වෙති. නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂා රහිතය}
[උතුම් කුරානයේ 70 : 27 - 28 වැකිවල අදහස්]
දෙවිඳාණන් උන්වහන්සේට සමීප පුද්ගයින් ප‍්‍රශංසා කරන්නේය. ඔවුන්නම් දේව¥යින් ය . ඔවුහු දෙවිඳාණන්ට අධික ලෙස බිය වූහ. {එවිට අපි ඔහු(ගේ ප‍්‍රාර්ථනාව) ට පිළිතුරු දුනිමු. තවද ඔහුට යහ්යා (නම් දරුවා) පිරිනැමුවෙමු. ඔහුගේ බිරිඳ ද ඔහු වෙනුවෙන් (සරු) යෝග්‍ය බවට පත් කළෙමු. නියත වශයෙන් ම ඔවුහු යහකම් කිරීමේ දී (උපරිම මට්ටමින්) වේගයෙන් උනන්දු වූහ. තවද අපට ආදරයෙන් සහ බිය බැතියෙන් ප‍්‍රාර්ථනා කළහ. ඔවුහු අපට බියසුළු ද වූහ}[උතුම් කුරානයේ 21 : 90 වැකියේ අදහස]
සුරදූතයින් සෑම විට ම දෙවිඳාණන්ට බිය වන්නෝය{ඔවුනට ඉහළින් සිටින පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද තමන්ට අණ කරනු ලැබූ දෑ ඉටු කරති}
[උතුම් කුරානයේ 16 : 50 වැකියේ අදහස]
06. තෘප්තිය ලැබෙනුයේ දෙවිඳාණන්ගේ පෙදෙසින් ය. {තම පරමාධිපති අබියස ඔවුන්ගේ තිළිණය වන්නේ දිය දහරාවන් පහළින් ගලා බසිනා අනන්ත වූ ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔවුන් කෙරෙහි තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු කෙරෙහි තෘප්තිමත් වූහ. මෙය තම පරමාධිපති කෙරෙහි බිය බැතිමත්වන අයට ය}
[උතුම් කුරානයේ 98 : 08 වැකියේ අදහස]
දෙවිඳාණන් පිළිබඳ අවබෝධ කර ගත් අයට උන්වහන්සේ කෙරෙහි ඇති වන බිය:
දෙවිඳාණන් පිළිබඳ අවබෝධ කර ගත් අයට උන්වහන්සේ කෙරෙහි ඇති වන බිය
දෙවිඳාණන් පිළිබඳ දැන හැඳින ගත් උදවියගේ ක‍්‍රියාකාරකම් යහපත් වන්නේය. ඔවුන් බලාපොරොත්තු තබනුයේ උතුමාණන් කෙරෙහි ය. එයින් සමහරෙක් දෙවිඳාණන් කෙරෙහි තබා ඇති ත‍්‍රාසය ඉතා දැඩිය. නිදසුන් ලෙස ; «දිනක් දේවදූත මුහම්මද් තුමාණන් සලාතයෙහි නියැලෙමින් සිටි අවස්ථාවක එතුමාණන් වෙත මම ගියෙමි. සලාතයේ නියැලෙමින් සිටින එතුමාණන් දෙවිඳාණන් කෙරෙහි තිබෙන බිය හේතුවෙන් හඬමින් සිටියේය. භාජනයක පැසී නටන ජලයේ ශබ්දය වැනි ශබ්දයක් ඔහුගෙන් නිකුත්වන්නට විය»
(මූලාශ‍්‍රය : අහ්මද්, අබූදාවූද්,නසාඉ)
දිනක් අබූබක්ර් තුමාණන් තමාගේ දිව අල්ලා
«මෙයට අන් අය විනාශ කිරීමේ ශක්තිය ඇත»
යන්නෙන් පැවසීය.
එමෙන් ම
«මා, භෝජනයට ගනු ලබන අහරක් වූයේ නම් » යැයි ද පවසන්නේය.
උමර් තුමාණන් පවසයි:
«මා අප‍්‍රාණික වස්තුවක් වූයේ නම් , මාගේ මෑණියන් මා නොවදා සිටියාහ නම්» යන්නෙන් පවසන්නේය.
උමර් තුමාණන් පවසයි
«ෆුරාත් නදිය අසල ඔටුවෙක් මැරුණ ද ඒ පිළිබඳ මරණින් මතු දිවියේ දී විමසනු ලැබුවෙමි දෝ යැයි මම බිය වන්නෙමි යනුවෙන් ද උමර් තුමාණන් ප‍්‍රකාශ කරන්නේය»
උමර් තුමාණන් පවසයි
«සුර¥තයෙක් මිනිසුනට මෙලෙස ආරාධනාවක් කරන්නේය. එනම්, “ජනයිනි, ඔබලා සියල්ලන් ම ස්වර්ගයට පිවිසෙන්න. ඔබලාගෙන් කෙනෙකුට පමණක් ස්වර්ගයට පිවිසිය නො හැකි ය.” එවිට උමර් තුමාණන් “ස්වර්ගයට පිවිසිය නොහැකි පුද්ගලයා මම වෙමි දෝ” යන්නෙන් සිතා දුක්වන්නට විය»
උස්මාන් තුමාණන් ප‍්‍රකාශ කරන්නේය.:
«මරණයෙන් අනතුරුව පුනර්ජීවය ලැබීම මම ප‍්‍රිය නො කරමි»
මොවුන් රාත‍්‍රී කාලය නමස්කාරයෙහි නියැලීමටත්, උතුම් කුරානය කියවීමට සහ දෙවිඳාණන් සුවිශුද්ධ කිරීමට තම ජීවිතය පුරුදු කර ගත්හ.
ආයිෂා තුමිය මෙම වැකිය අධික ලෙස කියවන්නීය.{අල්ලාහ් අප හට අනුග‍්‍රහය දැක්වීය. තවද පිලිසෙන සුළු දඬුවමින් අප ආරක්ෂා කළේය}
[උතුම් කුරානයේ 57 : 27 වැකියේ අදහස]
එතුමියගේ නමස්කාරයෙහි ඇය නැවත නැවතත් මෙම වැකිය කියවමින් හඬන්නීය. {ඔබ ඔවුනට දඬුවම් කළා නම්, සැබැවින් ම ඔවුහු ඔබේ ම ගැත්තෝ වෙති. තවද ඔබ ඔවුනට සමාව දෙතොත් නියත වශයෙන් ම ඔබ සර්වබලධාරීය, සර්ව ප‍්‍රඥාවන්තය යැයි ජේසුස් වහන්සේ (ඊසා) පැවසුවේය}
[උතුම් කුරානයේ 05 : 118 වැකියේ අදහස]
දෙවිඳාණන් කෙරෙහි බිය වීමෙහි කොන්දේසි :
01. දෙවිඳාණන්ට බිය වන පුද්ගලයා උතුමාණන් පිළිබඳ මැනවින් අවබෝධ කරගන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {නියත වශයෙන් ම දෙවිඳාණන්ට ඔහුගේ ගැත්තන් අතුරින් බියවනුයේ ඥානය ඇත්තෝ පමණි. නියත වශයෙන් ම උන්වහන්සේ සර්ව බලසම්පන්න ය, සර්ව ක්ෂමාශීලී ය}
[උතුම් කුරානයේ 35 : 28 වැකියේ කොටසක අදහස]
දැනුමෙන් මුසු ත‍්‍රාසය පිළිබඳ දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේ.«දෙවිඳාණන් මත දිවුරා කියමි. මම නුඹලාට වඩා දෙවිඳාණන්ට බිය වන්නෙමි» (මූලාශ‍්‍රය : මුස්ලිම්)
දැනුම රැඳී පවතිනුයේ උතුමාණන්ගේ නාමයන්, ගුණාංගයන් සහ ශ්‍රේෂ්ඨත්වය හැදෑරීම තුළ සහ ත‍්‍රාසය පිළිබඳ හැදෑරීම තුළ ය.
02. එම බිය උත්සාහ කිරීම සඳහා, යහ ක‍්‍රියාවන්හි නියැලීමට සහ පශ්චාත් තාපයෙහි නියැලීමට පෙළඹවිය යුතුය. පාපයන් කෙරෙහි පිළිකුල ඇතිවීමෙන් සහ දෙවිඳාණන් පිළිබඳ හැදෑරීමෙන් මෙම බිය වර්ධනය වන්නේය. උතුමාණන් කෙරෙහි තිබෙන බිය මනසින් සිතා බැලිය නො හැකි ය.
03. දෙවිඳාණන්ට බිය වීම අනිවාර්යය වගකීමකි. එම`ගින් දේව විශ්වාසය ස්ථිර වන අතර නරක ගතිපැවතුම්, ලෞකික ආශාවන් සහ නරක ඉච්ඡාවන් සිතෙන් තුරන් වන්නේය:
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {නියත වශයෙන් ම දෙවිඳාණන්ට ඔහුගේ ගැත්තන් අතුරින් බියවනුයේ ඥානය ඇත්තෝ පමණි. නියත වශයෙන් ම උන්වහන්සේ සර්ව බලසම්පන්න ය, සර්ව ක්ෂමාශීලී ය} [උතුම් කුරානයේ 35 : 28 වැකියේ කොටසක අදහස] ”දෙවිඳාණන්ට කවරෙක් බිය වන්නේ ද ඔහුට කිසිවෙකුත් හිරිහැර නො කරයි. එමෙන් ම දෙවිඳාණන් නොවන දෑ කෙරෙහි කවරෙකු බිය වන්නේ ද ඔවුට කිසිවෙකුත් ප‍්‍රයෝජනවත් නො වන්නේය.”-අල් ෆුලෛල් ඉබ්නු ඉයාල්