දේව විශ්වාසය ඇදහිලිවන්තයෙකුගේ දිවියෙහි ඇති කරන බලපෑම්.
1. පිවිතුරු දහම ආරක්ෂා කරගැනීමෙහි ලා ඇදහිලිවන්තයෙකු තුළ තිබෙන්නා වූ ඇල්ම. මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා:{ඔවුන් අතර විනිශ්චය කිරීමට දෙවි`දාණන් සහ උන්වහන්සේගේ ¥තයා වෙත ඔවුන් කැඳවනු ලැබූ විට, අපි සවන් දුනිමු. අපි කීකරු වීමු.යි කීම පමණි විශ්වාස කරන්නන්ගේ වදන් වන්නේ. ඔවුහු ම ය (සැබෑ) විජයග‍්‍රාහකයෝ}
[උතුම් කුරානයේ 24 : 51 වැකියේ අදහස]
අල්ලාහ් දෙවිඳාණන්ගේ අණසකවලට යටහත් පහත් වීමටත් එම විධාන ආරක්ෂා කිරීමටත් දේව ඇදහිලිවන්තයෙකු යුහුසුළු වනු ඇත.
ජීවිතය යනු දෙවිඳාණන් පිළිබඳ විශ්වාසය තැබීම වේ. දේව විශ්වාසය යනු දෙවිඳාණන් සමග ජීවත් වීමය.
මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා :{ඔබගේ පරමාධිපතිගේ නාමයෙන් දිවුරමි, ඔවුන් තමන් අතර ඇති වූ ආරවුලට විනිශ්චයකරු වශයෙන් ඔබ (මුහම්මද්) පත් කර, ඉන් පසු ඔබ තීරණය කළ දෑ ගැන ඔවුන්ගේ සිත්වල කිසිදු කනස්සල්ලක් නොමැති ව මුළුමණින් ම එයට අවනත වන තුරු ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති}
[උතුම් කුරානයේ 4 : 65 වැකියේ අදහස]
දේව ඇදහිලිවන්තයින්ගේ ජීවිතය සැනසුම මත සහ දෙවිඳාණන්ගේ තෘප්තිය වැදගත් වන්නේය.
2. සෘජු හා වක‍්‍ර ලෙස අල්ලාහ්ට ආදේශ තැබීමේ ක‍්‍රියාවලියෙන් දෙවිඳාණන් තම ගැත්තා ආරක්ෂා කොට තිබේ. එබැවිනි, දෙවිඳාණන් තම ගැත්තන් ප‍්‍රාර්ථනා කරන විට දී හෝ උදව් උපකාර පතන විට දී ඔහුගෙන් මිස අන් කිසිවෙකුගෙන් අයැදීම තහනම් කොට ඇත්තේ. යහපත හෝ අයහපත ඇති වන්නේ දෙවිඳාණන්ගේ අනුදැනුමෙන් ය.
{දෙවිඳාණන් ඔබට යම් හානියක් සිදු කළ හොත් එවිට උන්වහන්සේ හැර වෙනත් කිසිවෙකුට එයින් මුදවා ගත නොහැක}
[උතුම් කුරානයේ 6 : 17 වැකියේ කොටසක අදහස]
3. දෙවිඳාණන් වෙනුවෙන් ආදරය කිරීම සහ ඔහු වෙනුවෙන් ම කෝප වීම දේව විශ්වාසයෙහි අණපනත් ය. {සැබවින් ම දේව ඇදහිලිවන්තයින් එකිනෙකාට සහෝදරයන් බ`දු ය}[සැබවින් ම දේව ඇදහිලිවන්තයින් එකිනෙකාට සහෝදරයන් බ`දු ය]
මුහාජිරීන්වරුන් (මක්කාවේ සිට මදීනාවට සංක‍්‍රමණය වූවන්) සහ අන්සාරිවරුන් (මක්කමවාසීන්ට උපකාර කළ මදීනාවාසීන්) අතර ඇති වූ සහෝදරත්වයට හේතු වූයේ දේව විශ්වාසය යි. එමෙන් ම ඔවුහු ඔවුන්ගේ මිත‍්‍රයින් වෙනුවෙන් තම ජීවිත සහ තම දේපළ අල්ප ලෙස සැලකූහ. «දේව දූත මුහම්මද්තුමාණෝ පැවසූහ.“ඔබලා ප‍්‍රිය කරන දේ ඔබලාගේ සහෝදරයින්ට ද හිමි විය යුතු යැයි සිතෙන තුරු ඔබලාට සැබෑ දේව ඇදහිලිවන්තයෙකු විය නොහැක» මූලාශ‍්‍රය : බුහාරි)
{අහෝ විශ්වාසවන්තයිනි} ඔබලා විශ්වාස කරන්න
4. ඉස්ලාමය ස්ථාපිත කිරීම සඳහා වෙර දැරීම සහ ඉවසා සිටීම. {සත්‍ය විශ්වාසවන්තයින් කවුරුන් ද යත් ඔවුහු දෙවි`දාණන් ද උන්වහන්සේගේ ¥තයා ද විශ්වාස කළ පසු කිසිදු සැකයකින් තොර ව දෙවි`දාණන්ගේ මාර්ගයෙහි තම ප‍්‍රාණය ද වස්තූන් ද කැපකර ඉස්ලාමය ස්ථාපිත කිරීම සඳහා වෙර දරති. මෙවැන්නෝ තම විශ්වාසයෙහි සත්‍යවන්තයෝ වෙති}
[උතුම් කුරානයේ 49 : 15 වැකියේ අදහස]
5. අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි සහ ඔහුගේ පොරොන්දු කෙරෙහි තම හදවත්හි පූර්ණ විශ්වාසය ඇති කර ගනිති. මෙලොව ස්වර්ගය යනු දේව විශ්වාසයෙහි ස්ථීර ව සිටීම සහ අල්ලාහ් දෙවිඳාණන් අනුගමනය කිරීම වේ. එමෙන් ම, මතුලොවේ දී ඔහු වෙනුවෙන් ලබා දීමට නියමිත ස්වර්ගය පිළිබඳ අපේක්ෂා තැබිය යුතු ය. දහඩිය මහන්සියෙන් ඉටු කරන ලද සියලූ නමස්කාරයන්හි සහ ක‍්‍රියාවන්හි කුලිය ද බලාපොරොත්තු විය යුතු ය.
{මදීනාවාසීන්ට සහ ඔවුන් වටා සිටින ගැමි අරාබිවරුන්ට තම දේපළ රැක ගැනීමේ අරමුණින් සටනට නොයා, අල්ලාහ් දෙවිඳාණන්ගේ දේව දූතයාගෙන් ප‍්‍රමාද වීම ද ඔහුට වඩා තමන් ගැන තැකීම ද කිසිසේත් සුදුසු නොවීය. එයට හේතුව දෙවිඳාණන්ගේ මාර්ගයෙහි ඔවුනට පිපාසය හෝ පීඩාව හෝ කුසගින්න ඇති වුව ද ප‍්‍රතික්ෂේපකයින් කුපිත කරවීමට හේතු වන අන්දමට තැනක් ඔවුන් පෑගුව ද සතුරන්ගෙන් යම් ප‍්‍රහාරයක් එල්ල වුව ද ඒ සඳහා ද ඔවුනට යහකමක් ලියනු ලබනු මිස නැත. නියත වශයෙන් ම අල්ලාහ් දෙවිඳාණෝ දැහැමි ජනයාගේ තිළිණ නිෂ්ඵල නොකරති.’’
“අල්ලාහ් දෙවිඳාණන්ගේ මාර්ගයෙහි සුළු හෝ විශාල වියදමක් ඔවුන් කළ ද මිටියාවතක් තරණය කළ ද ඔවුනට ඔවුන්ගේ යහපත් කි‍්‍රයාවන් සඳහා ඔවුන් කළ දේට වඩා හොඳ තිළිණ දෙවිඳාණන් පිරිනැමීම පිණිස (ඒවා ඔවුන්ගේ වාර්තා පොතේ) ලියනු ලැබේ}
[උතුම් කුරානයේ 09 : 120-121 වැකිවල අදහස්]
මේ සියල්ලක් ම දේව විශ්වාසිකයින් සමග දෙවිඳාණන් අල්ලාහ් කරන්නා වූ ගනුදෙනු ය
6. අල්ලාහ් දෙවිඳාණන්ගේ සහ උතුමාණන්ගේ දේව දූතයින්ගේ ආදරයට පාත‍්‍ර වීම.
{ඔබලාගේ මිත‍්‍රයින් වන්නේ දෙවිඳාණන්, උතුමාණන්ගේ දූතයින් සහ විශ්වාසවන්තයින් ය}[උතුම් කුරානයේ 5 : 55 වැකියේ කොටසක අදහස]
මොවුනට උදව් උපකාර, ආදරය සහ ආනන්දය ලබා දීමේ වගකීම දෙවිඳාණන් වෙත පැවරෙන අතර මෙයට පටහැනි කි‍්‍රයාකාරකම්වල නිරතවන්නන් කෙරෙන් මෙම ආශිර්වාද අහිමි වනු ලැබේ. මන් ද, ඔවුන් දෙවිඳාණන්ගේ කෝපයට පාත‍්‍ර වූ හෙයිනි.
{දෙවිඳාණන් සහ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කෙරෙහි විශ්වාස කරන ජනයා, දෙවිඳාණන් සහ උන්වහන්සේගේ දේව දූතයාට එරෙහි වන අය ප‍්‍රිය කරන බව ඔබ නොදන්නෙහිය. ඔවුන් තම පියවරුන් හෝ තම පුතුන් හෝ තම සහෝදරවරුන් හෝ තම නෑ හිතවතුන් වූව ද කම් නැත. දෙවිඳාණන් කවරෙකුගේ සිත් තුළ විශ්වාසය ලියා ඇත්තේ ද කවරෙකු ඔහුගේ ආත්මයෙන් ශක්තිමත් කළේ ද ඒ ඔවුහු ම ය. දෙවිඳාණන් ඔවුන්ගේ සිත් තුළ විශ්වාසය ලියා ඇති සහ ඔහුගේ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුන් ම ය.’’
“එමෙන් ම දිය දහරා ගලා බස්නා ස්වර්ග උයන්වලට ඇතුල් කරන්නේය. ඔවුහු එහි සදාකාලික ව වාසය කරන්නෝ වෙති. දෙවිඳාණෝ ඔවුන් ගැන තෘප්තිමත් වූහ. ඔවුහු ද උන්වහන්සේ ගැන තෘප්තිමත් වූහ. ඔවුහු දෙවිඳාණන්ගේ පිරිස ය. දැනගන්න! නියත වශයෙන් ම සැබෑ ජයග‍්‍රාහකයින් වන්නේ දෙවිඳාණන්ගේ පිරිස ම ය.’’}[උතුම් කුරානයේ 58 : 22 වැකියේ අදහස]
දේව විශ්වාසවන්තයෙකු දෙවිඳාණන්, උතුමාණන්ගේ දේවදූතයින් සහ දේව ඇදහිලිවන්තතයින් පිළිගනු ලැබෙන අතර දේව ප‍්‍රතික්ෂේපකයින් නිෂ්ප‍්‍රභ කරනු ලැබේ:{මුඃමින්වරුන් (දේව ඇදහිලිවන්තයින්) මුඃමින්වරුන් මිස (සත්‍ය දහම) ප‍්‍රතික්ෂේප කරනවුන් ආරක්ෂකයින් ලෙස නොගත යුතු ය}[උතුම් කුරානයේ 3 : 28 වැකියේ කොටසක අදහස]
7. යහපත් ගතිගුණ සහ යහපත් සාරධර්මවලින් පෝෂණය වීම.
«දේවදූත මුහම්මද්තුමාණෝ මෙසේ ප‍්‍රකාශ කළෝය.
ලැජ්ජාව දේව විශ්වාසය හා බැඳුණු සමීප දෙයකි. ඉන් එකක් ඉවත් වූ විට අනික ද ඉවත් වන්නේය» (මූලාශ‍්‍රය : බෛහකී)
සදාචාරය දේව විශ්වාසයෙහි ඉමහත් අංගයකි. දේව ඇදහිලිවන්තයෙකු මෙලොව ජීවත් වීමේ දී තම සහෝදරයන් සමඟ කිසිදු ආරවුලක් ඇති කර නොගනී. දේව ඇදහිලිවන්තයෙකුට මිස වෙන කිසිවෙකුට මෙලෙස ජීවත් විය නොහැකි ය.
8. මිනිසෙකුට තම දිවියෙහි මානසික සුවය, සන්තුෂ්ටිය සහ ආනන්දය විඳින විට ඔහුට එම දිවිය දෙව් ලොව සැපත ගෙන දෙන්නේය. ඔහුට මෙම දිවිය හිමි වූයේ ඔහුගේ දෙවිඳාණන් හැටියට ඒකීය දෙවිඳාණන් වන අල්ලාහ් පිළිගත් නිසාවෙන් සහ දේව දූත මුහම්මද්තුමාණන්ගේ ජීවන ප‍්‍රතිපදාව පිළිගත් නිසාවෙනි. එමෙන් ම, ඔහුගේ එක ම අරමුණ වනුයේ දෙවිඳාණන්ගේ තෘප්තිය කරා පියනැගීම සහ ස්වර්ගය හිමි කරගැනීම ය.
ඔබගේ වටපිටාව කරා මදක් විපරම් කර බලන්න. මානසික රෝහල් පිරී ඉතිරී යන ආකාරය ඔබට දැකගත හැකි ය. දුක් දොම්නස්, නින්ද නොමැතිකම සහ හුදකලාවේ කතා කිරීම වැනි බොහෝ දුක්කම්කටොලූ ඔබගේ කනට වැකෙනු ඇත. මේ සියල්ලකට ම හේතුව දේව විශ්වාසයෙන් දුරස් වූ ජීවිතයක් ගත කිරීම බව සක්සුදක් සේ පැහැදිළි වනු ඇත. දේව විශ්වාසායෙන් තොර ව ලෞකිකත්වයට මුල්තැන දීම ද මෙම ගැටළුවලට එක්තරා හේතුවකි. ආධ්‍යාත්මිකත්වය පිළිපැදීම මිනිසාගේ වැදගත් වගකීමක් වන අතර එය මිනිස් දිවියට ද අත්‍යවශ්‍ය කරුණක් වන්නේය. මෙය දෙවිඳාණන් වෙත විශ්වාසය තැබීමෙන් උන්වහන්සේ සමඟ සබඳතාවයක් ඇති කර ගැනීමෙන් සැමදා ඔහු සුවිශුද්ධ කර සිහි කිරීමෙන්, සුර දූතයන් ගැන විශ්වාසය, පෙර පහළ වූ තෙස්තමේන්තු ගැන විශ්වාසය, දේව දූතයන් ගැන විශ්වාසය, ඒකීය දෙවිඳාණන්ගේ කේන්ද්‍රික සැලසුම ගැන විශ්වාසය තැබීමෙන් එනම් යහපත හෝ අයහපත සිදුවනුයේ දෙවිඳාණන්ගේ පෙදෙසින්ය යන විශ්වාසය සිතෙහි ධාරණය කර ගැනීම මඟින් මෙම ආධ්‍යාත්මික භාවය මිනිසා තුළ වර්ධනය කරගත හැකි ය.
දෙවිඳාණන්ගේ මැවීම්වලින් ශ්‍රේෂ්ඨ මැවීමක් වන මිනිස් සමාජය තම හදවතට සැනසුම ළඟා කර දෙන ක‍්‍රියාකාරකම් ගැන නොසැලකිලිමත් වෙති. එමෙන් ම ස්වර්ගය හිමි කරගත යුතු ය යන අරමුණ ද ඔවුන්ගේ සිත්සතන් තුළින් වියැකී ගොස් ය. ඔවුහු තමන්ට රිසි කටයුතුවලින් වැලකී සිටින අතර තම මූලාරම්භය පිළිබඳ කිසිදු තැකීමකින් තොර ව ජීවත් වෙති.
දේව විශ්වාසය තුළින් පමණි ආධ්‍යාත්මික ගමනෙහි නිරත විය හැකි වනුයේ. මන් ද, ආත්මය දායාද කරනු ලැබුවේ අල්ලාහ් දෙවිඳාණන් විසින් ය. මිනිස් සිරුර නිර්මාණය කරනු ලැබුවේ පසිනි. ආත්මය තුළ ආධ්‍යාත්මිකත්වය පිරී ඉතිරෙන සෑම මොහොතක දී ම මනස විවර වන අතර එමඟින් මනස මෙන් ම ආත්මය ද සැනසුමක් ලබන්නේය. එය කිළිටි සිතුවිලිවලින් පවිත‍්‍ර වන්නේය. ආධ්‍යාත්මිකත්වය කුමන මොහොතේ අලස භාවයට පත්වන්නේ ද එවිට ඔහුගේ මනස මිලේඡුචත්වයට නොහොත් අයහපත් තත්ත්වයට පත් වන්නේය. මනස දැඩි වීමෙන් ඔහුගේ දෑසට මෙලොව අඳුරු වන්නේය.