අල්ලාහ් දෙවිඳාණන්ගේ හමුවීම විශ්වාස කිරීම

අල්ලාහ් දෙවිඳාණන්ගේ හමුවීම විශ්වාස කිරීම

අල්ලාහ් දෙවිඳාණන්ගේ හමුවීම විශ්වාස කිරීම

අල්ලාහ් දෙවිඳාණන්ගේ හමුවීම විශ්වාස කිරීම

සෑම ආත්මයක් ම දෙවිඳාණන් කරා නැවත යා යුතු ය. සෑම ජීවියෙක් ම මරණින් මතු සේන්දු වන්නේ උතුමාණන්  වෙත ය. එම විශ්වාසය දේව ඇදහිල්ලෙහි ප‍්‍රධාන අංගයකි. දේව විශ්වාසයෙහි අනෙකුත් අංගයන් නම් අවසන් දිනය නොහොත් මතු පැවැත්ම විශ්වාස කිරීම ය. මහවිශ‍්‍රම්භ හෙවත් ආධ්‍යාත්මිකාංග හයෙන් මතු පැවැත්ම පිළිබඳ සුරදූත ගේබි‍්‍රයල්තුමාණන් (ජිබ්රීල්තුමාණන්) මුහම්මදාණන්ගෙන් විමසූ විට, ඒ පිළිබඳ තම මිත‍්‍රයින්ට ඉගැන්වීමේ අදිටනින් සුරදූත ගේබ්‍රියල්ට දේවදූත මුහම්මද්තුමාණන් පිළිතුරු ලබා දුන්නේ මෙලෙස ය. «දෙවිඳාණන්,  සුරදූතයන්, තෙස්තමේන්තු, දේවදූතයන්, මතු පැවැත්ම සහ දේව සැලසුම පිළිබඳ විශ්වාස තැබිය යුතු ය» (මූලාශ්‍රය: මුස්ලිම්)

මතු පැවැත්ම ‘අවසන් දිනය’ යනුවෙන් නම් කරනු ලබන්නේ එම දිනයෙන් අනතුරු ව භූතලයෙහි කාලයේ පැවැත්ම නොමැති නිසාවෙනි. ස්වර්ගවැසියෝ ඔවුන්ට හිමි වාසස්ථානයෙහි ද නිරවැසියෝ ඔවුන්ට හිමි වාසස්ථානයෙහි ද ලැඟුම් ගනිති. එම දිනය උතුම් කුරානයේ නොයෙකුත් නාමයන්ගෙන් සඳහන් කොට තිබේ.

- සිදු වීම :  මෙනමින් එම දවස  නම් කරනු ලබන්නේ කිම ද යත්, එදින සිදු වන සිදු වීම් පිළිබඳ සාකච්ඡා කෙරෙන නිසාවෙනි. එදින සමහරුන්ගේ තත්ත්වය ශ්‍රේෂ්ඨ වන අතර තවත් සමහරුන්ගේ තත්ත්වය ඛේදනීය වන්නේය. එනම් යහපත් උදවිය ස්වර්ගස්ත කෙරෙන අතර සාපරාදී ක‍්‍රියාවන්හි නිරතවූවන් අපා ගත කෙරෙන්නේය.

- ප‍්‍රශ්න කිරීම සහ කුලිය ලබා දීමේ දිනය.

- සත්‍යය ප‍්‍රත්‍යක්ෂ වන දිනය : එනම් අල්ලාහ් දෙවිඳාණන් උතුම් කුරානයේ පැවසූ සිදු වීම් සත්‍ය ලෙස සිදු වන දිනය.

- අනර්ථකාරී දිනය : පරාජය වූවන්ගේ අනර්ථය සිදු වන දිනය.

- මහා ශබ්දය : බිහිරන්ගේ සවන්වලට ඇසෙන සේ හොරනෑව පිඹිනු ලබන දිනය.

- පොරොන්දු වූ දිනය : මෙම දිනය සහ එහි සිදු වීම් ප‍්‍රතික්ෂේප කළ උදවියට ලබා දෙන බවට පොරොන්දු වූ නින්දනීය වේදනාවන් පමුණු වන දිනය.

- ඛේදජනක දිනය : ඛේදයන්ගෙන් සහ පසුතැවීම්වලින් සපිරුණු දිනය.

- එක් රුස්  කරනු ලබන දිනය : සියල්ලන් ම එක ම ස්ථානයකට එක් රැස් කරනු ලබන දිනය.

- තෙරපෙන දිනය : දැඩි තෙරපීමකින් යුක්ත දිනය.

- ආරාධනා  කරනු  ලබන  දිනය : ස්වර්ගවැසියන් ස්වර්ගය කරා ද නිරවැසියන් අපාය කරා ද ආරාධනා කරනු ලබන දිනය.

- වඳ දිනය : එදිනෙන් අනතුරු ව හිරු උදාවක් නොමැත. සියල්ලන්ගේ ම පුනරාගමනය සිදු වනුයේ එම නිකේතනය කරා ය.

මෙම නාමයන් හැර තවත් බොහෝ නාමයන්ගෙන් ද එම දිනය පිළිබ`ද උතුම් කුරානයේ සඳහන් වී තිබේ.

මතු පැවැත්ම පිළිබඳ විශ්වාසයෙහි අන්තර්ගතවන කරුණු:

මරණින් මතු සිදු වන දෑ පිළිබඳ විශ්වාස කිරීම.

සොහොන් වේදනාවන්

          මෘත ශරීරයක් මිහිදන් කිරීමෙන් අනතුරු ව සොහොන තුළ සුර¥තයින් විසින් ඔහුගේ දෙවි`දාණන් පිළිබ`ද, ඔහු පිළිගත් දහම ගැන සහ ඔහු අනුගමනය කළ දේව¥තයා කව්රුන් දැ යි යන්න විමසනු ලැබේ. දේව විශ්වාසයෙහි ස්ථිර ව සිටි උදවිය මාගේ දෙවි`දාණන් අල්ලාහ් යනුවෙන් ද අනුගමනය කළේ ඉස්ලාම් දහම යනුවෙන් ද මාගේ දේව¥තයාණන් මුහම්මද්තුමාණන් යනුවෙන් ද පිළිතුරු දෙති. අල්ලාහ් දෙවිඳාණන් ප‍්‍රතික්ෂේප කළ උදවියගෙන් මෙම ප‍්‍රශ්න අසනු ලැබූ විට ඔවුන් නොම`ග යැවෙනු ඇත. එවිට ප‍්‍රතික්ෂේපකයෝ මම දන්නේ නෑ  මම දන්නේ නෑ යන්නෙන් මරහඬ දෙති. කුහකයෝ සහ දේව විශ්වාසය පිළිබ`ද සැකයෙන් ජීවත් ව සිටි පුද්ගලයා  මිනිසුන්ගෙන් ස්වල්ප පිරිසක් පැවසූ මෙම කරුණ පිළිබ`ද මා නොදනිති යන්නෙන් පිළිතුරු ලබා දෙති.

1 සොහොන් වේදනාවන්  එහි බිහිසුණු තත්ත්වයන් සහ තිළිණයන්

සොහොන තුළ වේදනාවට සහ බිහිසුණු තත්ත්වයන්වලට මුහුණ පාන්නේ දේව ඇදහිලිවන්තයින්ට අවනත නොවූ ප‍්‍රතික්ෂේපකයින්, කුහකයින් සහ අපරාධකරුවන් ය. මේ පිළිබ`ද දෙවිඳාණෝ වදාළා: {අපරාධකරුවන් මරණයේ අබියස සිටින කල්හි ඔබ දකින්නේ නම්, සුරදූතයෝ තම දෑත් දිගු කරමින් ඔබලාගේ ප‍්‍රාණය බැහැර කරව්. දෙවිඳාණන් කෙරෙහි සත්‍ය නොවන දෑ ඔබලා පවසමින් සිටි බැවින් ද ඔහුගේ අණපනත් පිළිබඳ ඔබලා විශ්වාස නොකර උඬඟු වූ බැවින් ද අද දින ඔබලාට නින්දා සහගත දඬුවම ප‍්‍රතිවිපාකයක් වශයෙන් දෙනු ලැබේ (යැයි පවසති)}(උතුම් කුරානයේ 06 : 93 වැකියේ කොටසක අදහස)

ෆිර්අවුන්ගේ සමාජය පිළිබඳ දෙවිඳාණෝ අල්ලාහ් පවසති:{පාරාවෝගේ සේනාව හමුවට උදේ සහ සවස නිරයේ ගින්න ගෙන හැර පානු ලබන්නේය. පාරාවෝගේ සේනාව දැඩි වේදනාවට ඇතුළත් කරනුයි අවසන් හෝරාව සිදුවන දිනයේ (නියෝග කරනු ලැබේ.)}
[උතුම් කුරානයේ 40 : 46 වැකියේ අදහස]

දේවදූත මුහම්මද්තුමාණෝ මෙසේ ප‍්‍රකාශ කළහ.«ගැත්තෙක් භූමිදානය කරනු ලබන විට ඔවුන් විඳින වේදනාව මා ශ‍්‍රවණය කරන්නාක් මෙන් ඔබලා ද එම මෘත දේහය කෑමොර දෙන ශබ්දය ශ‍්‍රවණය කිරීමට සැලැස්වීමට දෙවිඳාණන්ගෙන් අයදින්න දැ යි මට සිතුණි. නමුත් එම මරහඬ ශබ්දය ඇසීමෙන් මෘතදේහය මිහිදන් නොකර ඔබලා පලා යනු ඇතැ යි මම සිතීමි. එනිසා එම ප‍්‍රාර්ථනාව මම නොපැතුවෙමි. යන්නෙන් පවසා අප වෙත මුහුණ ලා සොහොන් වේදනාවෙන් ආරක්ෂාව පතා දෙවිඳාණන්ගෙන් අයැද සිටින්න යැයි දේශනා කළෝය. ‘දෙවිඳාණෙනි, සොහොන් වේදනාවෙන් අප ආරක්ෂා කරන්නැ’ යි පැතුවෙමු. ඉන් අනතුරු ව නිරයේ වේදනාවන්ගෙන් ද ගුප්ත සහ ගුප්ත නොවන අර්බුදවලින් ද දජ්ජාල්ගේ පරීක්ෂණයෙන් ද අර්බුදයන්ගෙන් ද ආරක්ෂා වීම පිණිස අල්ලාහ් දෙවිඳාණන්ගෙන් ආරක්ෂාව පතන මෙන් උපදෙස් ලබාදුන්හ» (-මූලාශය : මුස්ලිම්)

සත්‍ය දේව ඇදහිලිවන්තයින්ට සොහොන තුළ හිමි වන්නා වූ තිළිණ

මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා :

{නියත වශයෙන් ම අපගේ පරමාධිපති දෙවි`දාණන් අල්ලාහ් යැයි පවසා, පසු ව එහි ස්ථාවර ව සිටි අය කෙරෙහි සුර¥තයෝ පහළ වී, ඔබලා බිය නොවනු. ඔබලා දුක් නොවනු. ඔබලාට පොරොන්දු දෙනු ලැබූ ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය පිළිගනු යැ යි පවසති}[උතුම් කුරානයේ 41 : 30 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{ප‍්‍රාණය උගුරු දණ්ඩට පැමිණි කල්හි, ඔබලා (අසරණ ව) බලා සිටින්නෙහුය. අපි ඔබලාට වඩා ඔහුට සමීප ව සිටිමු. එහෙත් ඔබලා නොදකින්නෙහුය. ඔබලා කිසිවෙකුගේ බල පෑමට යටත් නොවූයේ නම්, ඔබලා සත්‍යවාදීහු නම් ප‍්‍රාණය නැවත ගෙන එන්නට හැකි නොවේ ද? ඔහු දෙවිඳාණන්ට ඉතා සමීප වූවෙකු නම්, (ඔහු වෙනුවෙන්) ශාන්තිය ද භාග්‍යයෙන් යුත් ස්වර්ගය ද ඇත. ඔහු දකුණු පස ජනයාගෙන් වී නම්, දකුණු පස ජනයාගෙන් වූ ඔබට ශාන්තිය වේවා යැයි සුබ පතනු ලැබේ. ඔහු බොරු යැයි ප‍්‍රතික්ෂේප කරන නොමඟ ගියවුන්ගෙන් වී නම්, (ඔහුට) නිම් නැති උණු දියෙන් සංග‍්‍රහ කිරීම ද, නිර ගින්නෙහි දවාලීම ද සිදු වේ. නියත වශයෙන් ම මෙය නිසැක සත්‍යය ම ය. එබැවින් (දේවදූත මුහම්මද්) ඔබගේ උත්තරීතර පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරන්න}[උතුම් කුරානයේ 56 : 83-96 වැකියේ අදහස]

සත්‍ය දේව ඇදහිලිවන්තයින්, සුර¥තයින් දෙදෙනාගේ ප‍්‍රශ්නවලට සොහොන තුළ නිසියාකරයෙන් පිළිතුරු ලබා දුන් විට අහස දෙසින් මෙවැනි ශබ්දයක් නැගෙන්නේය.«මගේ ගැත්තා සත්‍යය පැවසුවේය. එනිසා ඔහු වෙනුවෙන් ස්වර්ගයේ පලසක් අතුරන්න. ස්වර්ග වස්ත‍්‍රයන්ගෙන් ඔහු සරසන්න. ස්වර්ගයේ සුගන්ධයන් සහ මදපවන් ඔහු කරා හැමීම පිණිස එහි සියලූ දොරටු විවර කරන්න.  ඔහුගේ සොහොන ඔහුගේ දෑසට විශාල ව පෙනන සේ පුළුල් කරන්න»
(මූලාශය: අහ්මද්)

2 නැවත නැගිටුවනු ලබන හෙවත් පරමාන්ත දිනය විශ්වාස කිරීම:

සුර¥ත ඉස්රාෆීල්තුමාණන් විසින් සුවිසල් හොරනෑව පිඹිනු ලැබූ විට මිනිසුන් පුනර්ජීවනය ලබති. එනම් මිනිස් ආත්මයක් හා මිනිස් සිරුරක් නැවත එක්කාසු කෙරේ. මෙය පුනර්ජීවනය යි. මිනිස්සු චර්මඡේදනය (සුන්නත්) නොකළ උදවිය හැටියට නිර්වස්ත‍්‍ර ව හා පාවහන් නොපැළ`¥ අන්දමින් නැගිට්ටවනු ලැබෙති. මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා :{අපි පළමුවෙන් නිර්මාණය කළාක් මෙන් පුනර්ජීවනය කර නැවත එය ගෙනෙන්නෙමු. මෙය අපගේ පොරොන්දුවකි}[උතුම් කුරානයේ 21 : 104 වැකියේ කොටසක අදහස]

පුනර්ජීවනය නියත ව ම සිදු වනු ඇත. මෙය උතුම් කුරාන් වැකි මගින් සහ දේවදූතයාණන්ගේ වදන් තුළින් පැහැදිළි වේ. මෙලෙස සිදු වීම යන්න මුස්ලිම්වරුන්ගේ ස්ථීර වීශ්වාසයකි. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{පසු ව ඔබලා සියලූ දෙනා ම  මරණයට පත්වන්නෙහුය. අනතුරු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිසැක ව ම ඔබලා නැගිටුවනු ලබන්නෙහුය}[උතුම් කුරානයේ 23 : 15-16 වැකිවල  අදහස්] 

දේවදූත මුහම්මද්තුමාණෝ මෙසේ ප‍්‍රකාශ කළහ.:«පරමාන්ත දිනයේ දී මිනිසුන් නිරුවතින් ද සෙරෙප්පු නොපැළඳු අන්දමින්ද නැගිට්ටවනු ලැබේ» (මූලාශ‍්‍රය : බුහාරි සහ මුස්ලමි)

පුනර්ජීවනය නියත ව ම සිදු වනු ඇත. මෙය උතුම් කුරාන් වැකි මගින් සහ දේවදූතයාණන්ගේ වදන් තුළින් පැහැදිළි වේ. මෙලෙස සිදු වීම යන්න මුස්ලිම්වරුන්ගේ ස්ථීර වීශ්වාසයකි. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{ඔබලා සිතන්නේ ද අප නුඹලා නිකරුනේ මැවූ බවත් අප කරා නැවත නොපැමිණෙන බවත්}[උතුම් කුරානයේ 23 : 115 වැකියේ  අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{(දේවදූත මුහම්මද්,) මෙම උතුම් කුරානය ඔබට නියම කළ, උන්වහන්සේ (අල්ලාහ්) නියත වශයෙන් ම ඔබ පරමාන්තය කරා ගෙන යනු ඇත}
[උතුම් කුරානයේ 28 : 85 වැකියේ කොටසක අදහස]

දේවදූත මුහම්මද්තුමාණන්ගේ මිත‍්‍රයෙක් වන උස්මාන්තුමාණෝ සුසාන භූමියක් අසලින් ගමන් ගන්නා සෑම විටක ම පාහේ ඔහුගේ යටි රැවුල තෙමන තුරු හඬා වැටෙති. එවිට ඔහුගෙන් ”ස්වර්ගය සහ නිරය පිළිබඳ දේශනා කරන විට ඔබ නොහඬන අතර සුසාන භූමියක් දකින විට පමණක් මෙතරම් හඬන්නේ මන් දැ?”යි විමසන ලදී. එවිට ඔහු ”මරණින් මතු මිනිසෙක් සේන්දු වන පළමු නිවහන සොහොන යි. කවරෙකු මෙහි ජයගන්නේ ද ඉන් අනතුරු ව මුහුණ පාන සියල්ලකින් ම ඔහුට නියත ජයග‍්‍රහණය හිමි වනු ඇත. කවරෙක් මෙහි පරාජයට පත්වන්නේ ද ඉන් අනතුරු ව මුහුණ පාන සියල්ලකින් ම ඔහුට නියත පරාජය ම හිමි වනු ඇත.” යන්නෙන් දේවදූතයාණන් දේශනා කළ බවට උස්මාන්තුමාණෝ පිළිතුරු ලබා දුන්හ. එමෙන් ම ”සොහොන් වේදනාවට වඩා ක‍්‍රෑරත්වය හා භයානකත්වය පිරි වෙනත් කිසිදු ස්ථානයක් මා දැක නැත” යන්නෙන් ද එතුමාණන් දේශනා කරනු මම අසා ඇත්තෙමි. යනුවෙන් උස්මාන්තුමාණෝ දැනුම් දුන්හ.
(මූලාශ‍්‍රය : අහ්මද්)

3. පරම විනිශ්චය හෝරාව විශ්වාස කිරීම සහ එහි කොන්දේසි

විශ්වාන්තය පැමිණීමට පෙර පරම විනිශ්චය හෝරාව පිළිබඳ සඳහන් කෙරුණු පෙරනිමිති රැසක් තිබේ. මෙම පෙරනිමිති මහා පෙරනිමිති සහ සුළු පෙරනිමිති ලෙස කොටස් දෙකකට වෙන් කොට ඇත.

සුළු පෙරනිමිති:

මෙය විශ්වාන්තය පැමිණීමට පෙර සිදු වන සිදුවීම් සමහරකි. ඉන් සමහර සිදු වීම් දීරඝ කලක් සිට සිදු වන අතර අනෙකුත් සිදු වීම් සිදු වී හමාර ය. තවත් සිදු වීම් වර්තමානයේ සිදු වන අතර තවත් සමහර සිදු වීම් දේවදූත මුහම්මද්තුමාණන් ප‍්‍රකාශ කළ ආකාරයට අනාගතයේ සිදු වීමට නියමිත ය.

නිදසුනක් ලෙස ‍බෛතුල් මුකද්දස් ( මස්ජිදුල් අක්සා) ජයග‍්‍රහණය මුස්ලිම්වරුන්ට හිමි වීම. නොයෙකුත් අර්බුධයන් හට ගැනීම, උගත්කම වියැකී නුගත්කම හිස එස වීම, පොලිය සහ දුරාචාරය වර්ධනය වීම, සංගීතය දියුණු වීම, මත්පැන් පානය අධික වීම, එ‍ඬේරන් සුවිසල් මන්දිරවලට හිමිකම් කීම, දරුවන් තම දෙමව්පියනට වහලූන්ට මෙන් සැලකීම, මනුෂ්‍ය ඝාතන බහුල වීම, භූමිකම්පා අධික වීම, ඇනකොටා ගැනීම්, බෙදීම්, සාවද්‍ය චෝදනා අධික වීම, වස්ත‍්‍ර ඇඟ ලා ගත්ත ද නිර්වස්ත‍්‍ර සේ ගමන් කරන්නන් සමාජයේ බහුල වීම සහ සත්‍ය සාක්ෂි හීන වී යෑම යනාදිය සඳහන් කළ හැක. මේවා හැර තවත් බොහෝ පෙරනිමිති උතුම් කුරානයෙහි සහ දේවදූතයාණන්ගේ ගරුතර ප‍්‍රකාශයන්හි සඳහන් වී තිබේ.

මහ පෙරනිමිති

විශ්වාන්තය ඉතා සමීප බව හැඟවෙන්නේ පහත සඳහන් දසමහා පෙරනිමිතිවලිනි. එනම් දජ්ජාල්ගේ පැමිණීම, දේවදූත ජේසුස්වහන්සේ (ඊසාතුමාණන්) ගේ සම්ප‍්‍රාප්තිය. යඃජූජ් මඃජූජ් වරුන්ගේ පැමිණීම සහ ඔවුන්ගේ සාහසික ක‍්‍රියාවන් ලොව නන් දෙස ව්‍යාප්ත වීම, නැගෙනහිර, බටහිර සහ අරාබි අර්ධද්වීපයෙහි සූර්යය චන්ද්‍ර ග‍්‍රහණයන් ඇති වීම, විශාල දුමාරයක් පිට වීම, හිරු බටහිරින් උදා වීම, සතා සිවුපාවුනට කතා කිරීමට හැකි වීම සහ දැවැන්ත ගිනිජාලාවක් මගින් ජනයින් විනිශ්චය පිටිය කරා රැස් කරනු ලැබීම ය. මෙම සිදු වීම් සියල්ලක් ම එකින් එක සිදු වන අතර මින් කුමක් හෝ එකක්  සිදු වූයේ නම් අනෙකුත් සිදු වීම් නොකඩවා සිදු වනු ඇත.

4. විශ්වාන්තයෙහි භයානකත්වය සහ එහි සිදු වීම් විශ්වාස කිරීම:

1. කඳු පර්වත සුනුවිසුණු වී මහපොළොවට සමාන්තර වීම.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{තිරසාර ව පිහිටා ඇතැයි ඔබ සිතා සිටින කඳු හෙල් (එදින) පාවෙන වළාකුළු මෙන් චලනය වනු ඔබ දකින්නෙහිය}[උතුම් කුරානයේ 27 : 88 වැකියේ කොටසක අදහස ]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{කඳු සුණු විසුණු වී කුඩා කුඩා කැබලිවලට පත් කර වනු ලැබූ කල්හි, එවිට එය විසිරුණ ¥විලි බවට පත් වන්නේය}
[උතුම් කුරානයේ 56 : 5-6 වැකිවල අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{කඳු පුළුන් මෙන් පාවී යනු ඇත}
[උතුම් කුරානයේ 70 : 09 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{(දේවදූත මුහම්මද්, අවසාන දිනයේ) කඳු (ගමන් කිරීම) ගැන ඔවුහු ඔබගෙන් අසති. .මාගේ පරමාධිපති ඒවා සිනිඳු දූවිලි බවට පත් කරනු ඇතැයි කියනු. එවිට එය හිස් සමතලා වූ බිමක් බවට පත් වීමට ඔහු ඉඩ හරින්නේය. ඔබ එහි කිසි ම ඇදයක් හෝ නැම්මක් නොදකින්නෙහිය}[උතුම් කුරානයේ 20 : 105-107 වැකිවල අදහස්]

2. මහ මුහුද ගිනිබත් කරනු ලැබීමෙන් පිටාර ගලනු ලබන පැසී ඉතිරෙන එම ජලයට මහපොළොවේ බොහෝ ප‍්‍රදේශ යටවෙන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {සමුද්‍රයන් (එකිනෙක මිශ‍්‍ර කරනු ලැබ) උතුරු වනු ලැබූ කල්හි}[උතුම් කුරානයේ 82 : 03 වැකියේ අදහස]{මුහුදු ගිනිබත් කරනු ලැබූ කල්හි,}
[උතුම් කුරානයේ 81 : 06 වැකියේ අදහස]

3. මහපොළොව සහ අහස මින් පෙර තිබුණු බවට කිසිදු සලකුණක් නොමැති ව ශුන්‍ය කරනු ලබන අතර මුළු මිනිස් සංහතිය ම එම ස්ථානයෙහි එක් රැස් කරනු ලැබේ.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{දේවදූත මුහම්මද්, එක් දිනයක් ගැන ඔවුනට මතක් කර දෙන්න)  එදින දී මෙම භූමිය වෙනස් කර වෙනත් ආකාරයක භූමියක් බවට පත් කර හරිනු ඇත. අහස් ද එලෙස ම පත් කරනු ලැබේ. ඔවුහු (තම ස්ථානයන්හි සිට ) ඉකුත් වී ( සියල්ලන් ව ම ) යටහත් පහත් කර ඒකීය දෙවිඳාණන් වන අල්ලාහ් වෙතට පමුණුවනු ලැබෙති}[උතුම් කුරානයේ 14 : 48 වැකියේ අදහස]

දේවදූත මුහම්මද්තුමාණෝ මෙලෙස ප‍්‍රකාශ කළෝය.«ගොම හෝ ජලය මිශ‍්‍ර නොවූ ක්ෂීරය (කිරි) ශ්වේත වර්ණයෙන් දිදුලන්නාක් මෙන් පවතින්නා වූ පොළොවක මිනිස් සංහතිය එක් රැස් කරනු ලැබේ. එම පොළොවෙහි කඳු පර්වතයන්හි හෝ වනාන්තරයන්හි කිසිදු සලකුණක් නොමැත» (මූලාශ‍්‍රය - මුස්ලිම්)

කිසිදු සලකුණකින් තොරව ශ්වේත වර්ණයෙන් පවතී.

4. විශ්වයේ මෙම නව ස්වභාවය පිළිබ`ද මිනිස්සු විශ්මයට පත් වෙති. සූර්යයා සහ චන්ද්‍රයා එකට එක් වී තිබෙන ආකාරය ද ඔවුහු  දකින්නෝය. එවිට ඔවුන්ගේ හදවත් බියෙන් ගැහෙයි.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{එය පැමිණෙන අවස්ථාවේ දී බැල්ම නිලංකාර වී, චන්ද්‍රයාගේ ආලෝකය නොමැති වී, (වෙන් වී තිබෙන) සූර්යයා ද චන්ද්‍රයා ද එකට එක් වනු ඇත. එදින (බේරීමට) කොහේ දුවන්න දැ යි? මිනිසා විමසනු ඇත}[උතුම් කුරානයේ 75 : 7-10 වැකිවල අදහස]

5. මිනිසුන්ගේ අවසානය උදා වී ඇති බව දැනුම් දීම සඳහා සුරදූත ඉස්රාෆීල්තුමාණන් විසින් සුවිසල් හොරණෑව ශබ්ද කරනු ලැබේ. එවිට මහපොළොවේ සහ අහස්කුසවල්හි තිබෙන්නා වූ සියල්ලක් ම විනාශ වී යනු ඇත. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {(එදින) හොරණෑව පිඹිනු ලැබේ. දෙවිඳාණන් අභිමතය හිමි වූවන් හැර අහස්හි සහ පොළොවෙහි සිටින්නෝ ජීවිතක්ෂයට පත් වෙති} (උතුම් කුරානයේ 39 : 68 වැකියේ අදහස)

එම බියකරු ශබ්දය මිනිසා ශ‍්‍රවණය කළ විට ඔහුට තම පවුල කරා හෝ නෑදෑ හිතවතුන් කරා හෝ නැවත පැමිණීමට නොහැකි ය.{නියත වශයෙන් ම ඔවුන් බලාපොරොත්තු වන්නේ (ඔවුන් තම ලෞකික කටයුතු සම්බන්ධයෙන්) වාද විවාද කරමින් සිටින විට (එකවර ම) ඔවුන් හසුකරගන්නා බිහිසුණු ශබ්දයක් පමණි. එවිට ඔවුනට අන්තිම කැමැත්ත ප‍්‍රකාශ කර ගැනීමට හෝ ඔවුන්ගේ පවුල් කරා ආපසු යෑමට හෝ නොහැකි වේ}[උතුම් කුරානයේ 36 : 49-50 වැකිවල අදහස්]

දේවදූත මුහම්මද්තුමාණෝ මෙසේ ප‍්‍රකාශ කළෝය.«මෙම ශබ්දය ශ‍්‍රවණය කරන මිනිසුන් සියල්ලන් ම සිහිමුර්ජා වී බිම ඇද වැටෙනු ඇත. තම ඔටුවාට ජලය සපයමින් සිටින මිනිසෙකු එම ශබ්දය ප‍්‍රථමයෙන් ම ශ‍්‍රවණය කරනු ඇත. එවිගස ම ඔහු සිහිමූර්ජා වී බිම ඇද වැටෙනු ඇත. ඉන් අනතුරු ව මිනිස්සු සියල්ලෝ ම සිහිමුර්ජා වන්නෝය» (මූලාශ‍්‍රය: මුස්ලිම්)

6. එදින මානව සංහතියත් අදසුන්වාසීන් (ජින් නමැති අදෘශ්‍යමාන ජීවි සමූහය) සහ සතා සිවුපාවන් විනිශ්චය කරනු ලබන පිටියට කැඳවනු ලැබේ. මෙම එක් රැස් කිරීම වනාහි පරම සමාහාරය යි. දෙවිඳාණන්ගේ පළමු මැවීමේ සිට අවසන් මැවීම දක්වා වූ සියල්ල එදින එම ස්ථානයෙහි එක් රොක් කරනු ලැබේ. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{මරණින් මතු දඬුවම ගැන බිය වන අයට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. එය සකල ජනයා ම එහි එක් රැස් කරනු ලබන දිනය යි. තව ද එය (සියල්ලන්) දකින්නට/ දැක ගන්නට හැකි දිනය යි}
[උතුම් කුරානයේ 11 : 103 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{(දේවදූත මුහම්මද්,) ඔබ මෙසේ පවසන්න. ‘නියත වශයෙන් ම පෙර විසූ ජනයා ද පසු කාලයේ අය ද ( යන සියල්ලෝ ම) නියමිත දිනක නියමිත වේලාවක එකට එක්රැස් කරනු ලබන්නෝය}
[උතුම් කුරානයේ 56 : 49-50 වැකිවල අදහස්]

7. එම දිනයේ දී මිනිසුන් මවන ලද ආකාරයෙන් ම නිර්වස්ත‍්‍ර ව විනිසපිටිය  කරා කැඳවනු ලබන අතර එම බියකරු මොහොතේ කෙනෙකු තව කෙනෙකු දෙස දෑස් යොමු නොකරනු ඇත. මෙම සිද්ධිය පිළිබඳ ආයිෂාතුමිය විමතියට පත් ව, දේවදූත මුහම්මද්තුමාණන්ගෙන් විමසූ අවස්ථාවේ දී එතුමාණන් මෙසේ ප‍්‍රකාශ කළ බවට එතුමාණන්ගේ ආදරණීය බිරිඳ ආයිෂාතුමිය පවසයි. «ඔබලා චර්මඡේදනය නොකළ පුද්ගලයන් හැටියට නිරුවත් ව, සහ පාවහන් නොපැළඳූ තත්ත්වයෙන් ම විනිසපිටිය කරා කැඳවනු ඇත.”

එවිට මම ‘‘නිරුවතින් සිටින කාන්තාවන් සහ පිරිමින් එකිනෙකා දෙස බලන විට ලැජ්ජා සහගත තත්ත්වයක් ඇති නොවේ දැ?” යි විමසීමි.

එවිට එතුමාණෝ ‘‘එවැනි සිතුවිලි ඇති නොවන තරමට ම එදින වාතාවරණය ඉතා බියකරු මෙන් ම ඛේදජනක වේ’’ යැයි ප‍්‍රකාශ කළෝය» (මූලාශ‍්‍රය: බුහාරි)

8. පලිගැනීම: මෙලොව දිවියෙහි අසාධාරණයට ලක් වූ මනුෂ්‍යයෙකුට හෝ සතා සිවුපාවෙකුට හෝ  මතුලොවේ දී සාධාරණය ඉෂ්ට කර දෙනු ලැබේ.«ඔබලා අසාධාරණයට ලක් කළ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ඔබලා විසින් ම ඉටු කර දෙනු ලැබේ. අං සහිත බැටළුවකුගෙන් අං රහිත බැටළුවෙකු පහර කෑ තිබුණ ද එම පහර කෑ සතාට සාධාරණය ඉටු වනු නියත ය.” යන්නෙන් දේවදූත මුහම්මද්තුමාණෝ දේශනා කළහ» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

දේවදූත මුහම්මද් තුමාණන් පැවසුවේය «කෙනෙකු තමාගේ සහෝදරයෙකුට අසාධාරණයක් කළේ නම් ඔහු එම අසාධාරණයට ලක් වූ සහෝදරයා බැහැදැක ඔහුගෙන් සමාව අයදීමෙන් හෝ එම අසාධාරණයට අදාළ වන්දිය ලබා දීමෙන් හෝ අසාධාරණ චෝදනාවෙන් ඔහු මිදිය යුතු ය. කිම ද යත් මරණින් මතු දිවියේ දී වන්දි ලබා දීමට ඔහු සතු ව රන් කාසි හෝ රිදී කාසි හෝ නොමැති හෙයිනි. එසේ නොකළේ නම් අසාධාරණය කළ පුද්ගලයාගේ ආනිශංසවලින් අනෙක් පුද්ගලයාට සිදු වූ අසාධාරණයට සරිලන වන්දිය ලබා දෙනු ඇත. ඔහු ළඟ ආනිශංස නොමැති වු විට අසාධාරණයට ලක් වු පුද්ගලයාගේ පාපය ඔහු මත පටවනු ඇත. මෙම තත්ත්වය උදා වීමට පෙරාතුව මෙලොවෙහි දී ම ඔහු අසාධාරණයට ලක් කළ පුද්ගලයාට වන්දිය ලබා දිය යුතු ය.’’ යනුවෙන් දේවදූත මුහම්මද්තුමාණෝ දේශනා කළෝය.»
(-මූ ලාශ‍්‍රය : බුහාරි)

9. මිනිසුන්ගේ ක‍්‍රියාවලට සරිලන අන්දමින් දහඩියෙන් යට වීමට සූර්යයා සමීප කරනු ඇත «පරමාන්ත දිනයේ දී සූර්යයා දෙවිඳාණන්ගේ මැවීම් කරා සමීප කරනු ඇත. ඔවුනතර සහ සූර්යයා අතර පවතිනුයේ සැතපුම් කිහිපයක දුරකි. එවිට මිනිසුන් තමන්ගේ පාප ක‍්‍රියාවන් වලට සරිලන ආකාරයට  දහඩියෙන් ගිලෙනු ඇත. ඔවුන් අතුරින් සමහරුන්ගේ වළලූකර දක්වා ද, දණහිස දක්වා ද, ඉණ දක්වා සහ සමහර අයගේ මුව දක්වා ද දහඩියෙන් ගිලෙනු ඇත.’’ යන්නෙන් දේවදුත මුහම්මදාණෝ තම ශ‍්‍රී මුඛය කරා සිය දෑත ඉඟි කර පෙන් වූ ආකාරය මම දිටිමි යන්නෙන් සුලෛම්තුමාණෝ වාර්තා කළහ.» (මූලාශ‍්‍රය : මුස්ලිම් )

10. මානව ක‍්‍රියාකාරකම් ලේඛන ගත කෙරුණු ගිණුම් පොත් සමහරෙකුගේ දකුණතට ද තවත් සමහරෙකුගේ වමතට ද හිමි වනු ඇත. තම ක‍්‍රියා පිළිවෙත් සටහන සියතට හිමි වන තුරු මිනිසුන් බිය මුසු තැතිගැනීමකින් නිමග්න ව සිටිති. සත්‍ය දේව විශ්වාසවන්තයින්ගේ ගිණුම් පොත් ඔවුන්ගේ දකුණතට හිමි වන විට ඔවුන්ගේ ජයග‍්‍රහණය සහ විමුක්තිය උදෙසා සුබ පැතුම් ද පිරිනැමෙනු ඇත. දේව ප‍්‍රතික්ෂේපකයින්ට සහ කුහකයින්ට ඔවුන්ගේ ගිණුම් පොත් වමතට හිමි වන විට ඔවුන් ඛේදජනක ඉරණමකට මුහුණ පානු ඇත. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{මානව ක‍්‍රියාකාරකම් ලේඛන ගත කෙරුණු ගිණුම් පොත  කවරෙකුගේ දකුණතට දෙනු ලබන්නේ ද ඔහු (ඉතා සතුටින් අන් අයට) ”මෙන්න! මාගේ ක‍්‍රියාකාරකම් ලේඛනය. මෙය කියවා බලන්න, නියත වශයෙන් ම මම මෙය මුහුණ දෙන බව තරයේ විශ්වාස කළෙමි.” යනුවෙන් පවසයි. එබැවින් ඔහු තෘප්තියට පත් විය හැකි සැප සම්පත්වලින් පිරී උසස් ස්වර්ගයෙහි සිටිනු ඇත. එහි පළතුරු (මොවුන් නිදා සිටියා වූව ද සිටගෙන සිටියා වූව ද සෑම තත්ත්වයක දී ම අතින් ඇල්ලිය හැකි අන්දමට මොවුන්ට) සමීපයෙන් තිබෙනු ඇත.  මොවුන් එක් රැස් කර තබන ලද පින් මහිමය හේතු කොටගෙන මේවා හැකි තරම් අනුභව කරන්න යනුවෙන් ද පානය කරන්න යනුවෙන් ද කියනු ලැබේ. කවරෙකුගේ වමතට මානව ක‍්‍රියාකාරකම් ලේඛනගත කෙරුණු ගිණුම් පොත් දෙනු ලබන්නේ ද ඔහු ”මාගේ ක‍්‍රියාකාරකම් ලේඛනය මා හට නොලැබුනේ නම් අගනේ ය. මාගේ ගණනය මෙය යැයි මා නොදැනුවත් ව සිටියා නම් අගනේය නොවේ ද? මා මරණයට පත් වූ වහා ම මගේ කාරණාව අවසන් වී තිබුණේ නම් , මගේ වස්තුව මට කිසිම ප‍්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත. මගේ බල පුළුවන්කාරකම ද මගෙන් ඈත් ව ගියා නො වේ ද? යැයි (අපේක්ෂා භංගත්වයෙන්) දොඩවනු ඇත}[උතුම් කුරානයේ 69 : 19-29 වැකිවල අදහස්]

11. බියෙන් සහ තැතිගැනීමකින් පසු වන මිනිස්සු තමන්ගෙන් ම ප‍්‍රශ්න කර ගනිති. අනෙකුත් මිනස්සු කරා සිත නොයවති. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{එදින (කිසිවෙකුටත් තම) ධනය හෝ දරුවන් හෝ ප‍්‍රයෝජනවත් නොවන්නේය}[උතුම් කුරානයේ 29 : 88 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{එදින මිනිසා තම සහෝදරයාගෙන් ද තම මවගෙන් ද තම පියාණන්ගෙන් ද තම සහකාරියගෙන් ද තම දරුවන්ගෙන් ද (ඈත් වී) පලා යන්නේය. එදින ඔවුන් අතර සෑම මිනිසෙකුට ම තමන් නිරතවිය යුතු කටයුතු ඇත}[උතුම් කුරානයේ 80 : 34-37 වැකිවල අදහස්]

5. පරම විනිශ්චය සහ තිළිණ ලබා දීම විශ්වාස කිරීම:

මතු ලොවේ දී මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් විනිශ්චය කර එයට අදාළ තිළිණ ද පිරිනැමෙනු ඇත.{නියත වශයෙන් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ම ය. පසු ව ඔවුන්ගේ විනිශ්චය ද අප කෙරෙහි ම ය}[උතුම් කුරානයේ 88 : 25-26 වැකිවල අදහස්]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{යමෙකු යහපත් ක‍්‍රියා කර (අප වෙතට) පැමිණෙන්නේ ද ඔහුට එවැනි ම වූ (යහපත්) දැයින් දස ගුණයක් ඇත. එමෙන් ම යමෙකු අයහපත් ක‍්‍රියා කර (අප වෙතට) පැමිණෙන්නේ ද ඔහුට එවැන්නක් ම මිස ඵලවිපාක දෙනු නොලැබේ. තව ද ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලැබේ}[උතුම් කුරානයේ 06 : 160 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{මළවුන් කෙරෙන් යළි නැගිටුවනු ලබන දිනයේ අපි සාධාරණ තුලාවන් තබමු. එනිසා කිසි ම කෙනෙකුට සුළුවෙන් හෝ අයුක්තියක් සිදු කරනු නොලැබේ. එය අබ ඇටයකට සමාන බරක් වුව ද අපි එය රැගෙන එන්නෙමු. තවද ගණන් ගන්නන් වශයෙන් අප ප‍්‍රමාණවත් ය}[උතුම් කුරානයේ 21 : 47 වැකියේ අදහස ]

දේවදූත මුහම්මද්තුමාණන් ප‍්‍රකාශ කළ බවට උමර්තුමාණන්ගේ පුත‍්‍රයා මෙලෙස ප‍්‍රකාශ කරයි.«අල්ලාහ් දෙවිඳාණෝ සත්‍ය දේව ඇදහිලිවන්තයෙකු උතුමාණන් කරා කැඳවා ඔහු මත සළුවක් අතුරා අනෙකුත් මිනිසුන්ගේ දෙනෙත්වලට නොපෙනෙන සේ සලස්වන්නෝය. අනතුරු ව ඔහුගෙන් ‘‘ඔබ මෙලොව ජීවිතයේ දී කළා වූ මෙම පාප පිළිබඳ මතකයක් තිබේ දැ? යි’’ විමසති. එවිට ඔහු ‘‘එසේ ය ස්වාමිනි, මට මතක තිබේ” යැයි පිළිතුරු ලබා දෙයි. මෙලෙස ඔහු කරා ඔහුගේ සියලූ ම පාප ගෙන හැර දක්වන්නෝය. ඔහු ඒ සියල්ලක් ම පිළිගැනීමෙන් අනතුරු ව ඔහුට හැ‍‍ගෙන්නේ මෙය තමාගේ අවසානය බව හා මින් පසු තමාට නිදහසක් නොමැති බව ය. එවිට ඔහු මේ පිළිබඳ කනස්සල්ලට පත් වන්නේය. එවිට දෙවිඳාණෝ ඔහු අමතා ‘‘මේ සියල්ල ම ඔබ මෙලොව ජීවත් වන විට මිනිසුන්ට නොදැනෙන සේ සඟවා තැබුවෙමි. අද මේ සියල්ලට ම මම ඔබට සමාව දෙන්නෙමි’’ යන්නෙන් පවසා ඔහුගේ යහපත් ක‍්‍රියාපිළිවෙත් සටහන ඔහුට පිරිනමති.

ප‍්‍රතික්ෂේපකයින් සහ කුහකයින් කරා ‘‘මොවුන්ගෙන් ප‍්‍රවේශම් වන්න. මෙලොව දිවියෙහි දෙවිඳාණන් පිළිබඳ බොරු ගොතා උන්වහන්සේගේ පැවැත්ම ප‍්‍රතික්ෂේප කළේ මොවුන් ම ය. ඔවුනට දෙවිඳාණන්ගේ ශාපය අත් වේවා!’’ යන්නෙන් ප‍්‍රකාශ කරනු ඇත»{තමන්ගේ පරමාධිපති ගැන බොරු ගෙතූවන් මොවුන් වෙති යැයි සාක්ෂිකරුවෝ කියති. දැනගනු, අපරාධ කළවුනට අල්ලාහ්ගේ ශාපය වේවා!} [උතුම් කුරානයේ 11 : 18 වැකියේ කොටසක අදහස)( මූලාශ‍්‍රය : බුහාරි මුස්ලිම්)

අල්ලාහ් දෙවිඳාණන් වදාළ බවට දේවදූත මුහම්මද්තුමාණෝ මෙසේ ප‍්‍රකාශ කළෝය. «දෙවිඳාණෝ කුසල යනු කුමක් ද අකුසල යනු කුමක් ද යන්න නිර්ණය කළෝය. ඉන් පසු එය මෙලෙස විවරණය කළෝය.

‘‘කෙනෙකු කුසල කර්මයක් ඉටු කිරීමට අදිටන් කර එම ක‍්‍රියාව පැහැර හැරිය ද දෙවිඳාණන්ගෙන් ඔහුගේ අධිෂ්ඨානය කරණකොට ගෙන අංග සම්පූර්ණ කුසලක පින පිරිනැමෙන්නේය. ඔහු ඉටා ගත් කුසල කර්මය ක‍්‍රියාවට නැංවූයේ නම් දෙවිඳාණන්ගෙන් ඔහුගේ ක‍්‍රියාවට හිමි වන ආනිශංස දස ගුණයේ සිට හත්සිය ගුණය දක්වා සහ ඊටත් අධික ව හිමි වනු ඇත.

‘‘එමෙන් ම ගැත්තෙකු අකුසල කර්මයක් ඉටු කිරීමට ඉටා ගෙන එම ක‍්‍රියාව නිසා දෙවිඳාණන්ගේ ද`ඩුවමට පාත‍්‍ර වේ දෝ යන බියෙන් එම අකුසල ක‍්‍රියාව අත් හලේ නම් දෙවිඳාණන්ගෙන් අංග සම්පූර්ණ කුසලක පින ඔහු හිමි කර ගන්නේය. ඉටා ගත් ආකාරයට අකුසල කර්මය ඔහු සිදු කළ ද දෙවිඳාණන්ගෙන් ඔහුට හිමි වනුයේ පාප කර්මයක ප‍්‍රතිවිපාකයක් පමණි»
(මූලාශ‍්‍රය : බුහාරි මුස්ලිම්)

මතුලොවේ දී මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් විනිශ්චය කර එම ක‍්‍රියාකාරකම්වලට අනුකූල ව තිළිණ හිමි වන බව මුස්ලිම්වරු තරයේ විශ්වාස කරති. දෙවිඳාණන් විසින් පහළ කරනු ලැබූ තෙස්තමේන්තු (පෙර පහළ කරන ලද දහම් ග‍්‍රන්ථ) විශ්වාස කිරීමටත් උතුමාණන් විසින් යවනු ලැබු දේවදූතයන් අනුගමනය කිරීමටත් ඔවුහු අණ කරනු ලැබූහ. කවරෙකු ඔවුන් විශ්වාස නොකර ප‍්‍රතික්ෂේප කරන්නේ ද දෙවිඳාණන් ඔවුනට තරයේ අවවාද කරන්නේය. විනිසපිටියේ දී ඔවුන් ඛේදජනක තත්ත්වයකට මුහුණ පාන අතර කිසිදු තිළිණයක් ද ඔවුනට හිමි නොවේ.{එහෙයින් අපි දැනුමෙන් යුතු ව (ඒවා) ඔවුන්ට නියත වශයෙන් ම විස්තර කර දෙන්නෙමු. අපි (ඔවුන්ගෙන්) ඉවත් වී නොසිටියෙමු. තව ද එදින කිරුම (ජනයාගේ ක‍්‍රියාවන් කිරා බැලීම) සත්‍යය වේ. මේ අනුව කවරෙකුගේ (කුසල්) බර වැඩි වන්නේ ද ඔවුහු ම ය ජයග‍්‍රාහකයෝ}[උතුම් කුරානයේ 7 : 7 - 6 වැකිවල අදහස් ]

ඉමාම් හසනුල්බසරිතුමාණන්ගෙන් මෙසේ විමසනු ලැබීය. දේවදූත මුහම්මද්තුමාණන්ගේ සහගාමීන්ටත් වඩා ඔවුනට පසු ව පැමිණි අය වන තාබිඊන්වරුන් බොහෝ යහපත් ක‍්‍රියාවල නියැලෙන ආකාරය අපි දකිමු. දේවදූත මුහම්මද්තුමාණන්ගේ සහගාමීන්ටත් වඩා යහක‍්‍රියා ඉටු කිරීමෙහි ලා තාබිඊන්වරු පෙරමුණ ගන්නෝ දැ? යි ඔහුගෙන් විමසනු ලැබීය. එවිට ඔහු ‘‘තාබිඊන්වරු අල්ලාහ් දෙවිඳාණන් නමස්කාර කරති. නමුදු ඔවුන්ගේ සිත් තුළ ලෞකික ආශා තිබේ. දේවදුත මුහම්මද්තුමාණන්ගේ සහගාමීහු ද අල්ලාහ් දෙවිඳාණන්ට නමස්කාර කළහ. නමුදු ඔවුන්ගේ සිත් තුළ තිබුණේ පරලොව කෙරෙහි ආශාව පමණි’’ යනුවෙන් පිළිතුරු ලබා දුන්නේය.

06. ස්වර්ගය සහ නිරය විශ්වාස කිරීම:

ස්වර්ගය සහ නිරය යන ස්ථාන දෙවිඳාණන්ගේ මැවීම් සඳහා මවනු ලැබුවා වූ ස්ථාන දෙකකි. ස්වර්ගය යනු දෙවිඳාණන්ගේ අණපනත්වලට අවනත වී ධාර්මික දිවිපෙවෙතක් ගත කළ සත්‍ය දේව ඇදහිලිවන්තයින් වෙනුවෙන් නිර්මාණය කරන ලද  ආනන්දනීය මෙන් ම මනෝරංජනීය ස්ථානයකි. ඔවුන් දෙවිඳාණන්ගේ අණසකට යටහත් වී උතුමාණන්ගේ දේවදූතයින් අනුගමනය කළ උදවිය යි. කිසිදු දෑසකින් නොදුටු කිසිදු සවනකින් ශ‍්‍රවණය නොකළ කිසිදු හදවතකින් උපකල්පනය කළ නොහැකි ආස්වාදවලින් සහ චමත්කාරත්වයෙන් අනූන වූ මනෝරම්‍ය ස්ථානයකි.{නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළ අය වනුයේ ද මැවීම් අතුරින් ඉතා යහපත් ම මැවීම් වන්නේ ද ඔවුන් ම ය. තම පරමාධිපති අබියස ඔවුන්ගේ තිළිණය වන්නේ දිය දහරා ගලා බසිනා ආකර්ෂණීය ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. දෙවිඳාණෝ ඔවුන් කෙරෙහි තෘප්තිමත් වූහ. ඔවුහු ද උතුමාණන් කෙරෙහි තෘප්තිමත් වූහ. මෙම දායාදය තම පරමාධිපති කෙරෙහි බැතිමත් වන අයට ය}[උතුම් කුරානයේ 98 : 7-8 වැකිවල අදහස්]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{ඔවුන් කරමින් සිටි කි‍්‍රයාවලට ප‍්‍රතිඵල වශයෙන් ඔවුනට සඟවනු ලැබූ දෑස් පිනවන දෑ ගැන කිසිවෙක් නොදනිති}
[උතුම් කුරානයේ 32 : 17  වැකියේ අදහස ]

මෙම ආස්වාදයන් සහ ප‍්‍රීතීන් අතුරින් වඩාත් ම ආනන්දය වනුයේ ස්වර්ගයේ දී දෙවිඳාණන් දැක බලා ගැනීමට හැකි වීමේ අවස්ථාව යි.{එදින සමහරුන්ගේ මුහුණු සතුටින් පැහැපත් වී තිබේ. තම දෙවිඳාණන් දෙස  බලන්නාක් මෙන්  දීප්තිමත් ව තිබෙණු ඇත}
[උතුම් කුරානයේ 75 : 22-23  වැකිවල අදහස්]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{යහපත කළ අයට යහපත ද එයටත් වඩා වැඩියෙන් ද ඔවුන්ගේ කුසල්වලට තිළිණ හිමි වනු ඇත} [උතුම් කුරානයේ 10 : 26  වැකියේ කොටසක අදහස ]

යහපත යනු ස්වර්ගය යි. ආනන්දයන්ගෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨතම ආනන්දය වනුයේ  අල්ලාහ් දෙවිඳාණන් දැක බලා ගැනීම ය.«ස්වර්ගවාසීන් ස්වර්ගයට ඇතුළු වීමෙන් අනතුරු ව දෙවිඳාණෝ ඔවුන් අමතා ‘ඔබලා ප‍්‍රිය කරන දෙයක් මා ඔබලාට පෙන්වන්න ද?’ යැයි විමසති. එවිට ඔවුහු ‘දෙවිඳුනි, ඔබ වහන්සේ විසින් අපගේ මුහුණු පැහැපත් කර අප ස්වර්ගස්ත ද කරන ලදී. නිරාවාසයෙන් ද අපි ආරක්ෂා වීමු. මෙය අපට ප‍්‍රමාණවත් වේ’ යැයි පවසති. ඉන් පසු දෙවිඳාණෝ ඔහු වෙතින් තම සළුව ඉවත් කරන්නෝය. ස්වර්ගවාසීන්ගේ ආනන්දයන්ගෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨතම ආනන්දය වනුයේ තම අල්ලාහ් දෙවිඳාණන් දැක බලා ගැනීම ය.’’ යන්නෙන් දේවදූත මුහම්මද්තුමාණන් පවසා, පසු ව පහත සඳහන් උතුම් කුරානීය වැකිය කියවා පෙන්නූහ{යහපත කළ අයට යහපත ද එයටත් වඩා වැඩියෙන් ද ඔවුන්ගේ කුසල්වලට තිළිණ හිමිවනු ඇත}
[උතුම් කුරානයේ 10 : 26  වැකියේ කොටසක අදහස]» (මූලාශ‍්‍රය: මුස්ලිම්)

නිරය යනු නින්දනීය වේදනා සහ දඬුවම් පමුණු වන ස්ථානයකි. එම  ස්ථානය සූදානම් කර ඇත්තේ දේවදූතයින් සරදමට පාත‍්‍ර කර, ඔවුන් ප‍්‍රතික්ෂේප කළ අපරාධකාරයින්ට ය. නිරය තුළ විවිධ තරාතිරමේ දඬුවම් පවතී. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{ප‍්‍රතික්ෂේප කරන්නන් සඳහා සූදානම් කරනු ලැබූ අපා ගින්නට බිය වන්න}
(උතුම් කුරානයේ 03 : 131  වැකියේ අදහස )

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{‘‘(මෙය ප‍්‍රතික්ෂේප කරන) අපරාධකාරයින් සඳහා නියත වශයෙන් ම අපි නිරා ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනිදැල් ඔවුන් වට කර ගන්නවා ඇත. ඔවුන් දැඩි පිපාසයෙන් අස්වැසිල්ලක් සොයන්නේ නම්, ඔවුන්ගේ මුහුණු දවාලන ලෝදිය වැනි ජලයක් ඔවුනට දෙනු ලැබේ. එම පානය ඉතා නරක ය. (ඔවුන්ගේ) වාසස්ථානය ද ඉතා බියකරු ය}[උතුම් කුරානයේ 18 : 29  වැකියේ කොටසක අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{නියත වශයෙන් ම දෙවිඳාණෝ දේවත්වය අවිශ්වාස කරන්නන්ට ශාප කළහ. තව ද ඔවුනට දැල් වෙන ගින්න පිළියෙළ කළහ. (ඔවුහු) එහි සදාකල් වාසය කරන්නෝය. ඔවුනට කිසි ම ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හෝ හමු නොවන්නේය. ඔවුන්ගේ මුහුණු අපා ගින්නෙහි හරවනු ලබන දින ‘අහෝ අපේ ඛේදවාචකය! අප දෙවි`දාණන්ට සහ ඔහුගේ දූතයාට අවනත වූයේ නම් (කෙතරම් අගනේ ද) යැයි ඔවුහු කියති}[උතුම් කුරානයේ 33 : 64-66 වැකිවල අදහස්]

නිරාවාසයට නියම කරනු ලැබූ අයගෙන් කෙනෙකුට හිමි වන අවම දඬුවම මුහම්මද් තුමාණන් ප‍්‍රකාශ කළේය.«නිරාවාසයට නියම කරනු ලැබූ අයගෙන් කෙනෙකුට හිමි වන අවම දඬුවම නම්, ඔහුගේ යටි පතුල මධ්‍යයෙහි නිරා ගින්නෙන් වු ගිනිපුළිඟුවක් තබනු ලැබේ. එහි රස්නය හේතු කොටගෙන ඔහුගේ මොලය උණු වන්නේය» (මූලාශ‍්‍රය : බුහාරි )

පරමාන්ත දිනය විශ්වාස කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජන:

- මතු පැවැත්ම විශ්වාස කිරීම ඉස්ලාමීය මූලිකාංගවලින් එකකි. අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය ස්ථීර වනුයේ මතු පැවැත්ම විශ්වාස කිරීමෙන් ය. {දෙවිඳාණන් සහ පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන් සමග යුද වදින්න}
[උතුම් කුරානයේ 09 : 29 වැකියේ අදහස]

- මෙලොව සහ පරලොව ආරක්ෂාව ද මරණින් මතු වටිනා තිළිණ ද පිරිනමන බව අල්ලාහ් දෙවිඳාණන් පොරොන්දු වී ඇත. {දැනගන්න, නියත වශයෙන් ම දෙවි`දාණන්ගේ මිතුරන් වන ඔවුනට කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු පසුතැවෙන්නෝ ද නොවෙති}
[උතුම් කුරානයේ 10 : 62 වැකියේ අදහස]

- ඉතා වටිනා තිළිණ පිරිනැමෙන බවට පොරොන්දු වීම. {(මුහම්මද්තුමාණන් කෙරෙහි) විශ්වාස කළ අය, යුදෙව්වන්, කිතුනුවන් හා සාබිඌන්වරුන් (යන මොවුන් අතුරින්) කවුරුන් හෝ දෙවිඳාණන් පිළිබඳ ද පරමාන්ත දිනය පිළිබඳ ද විශ්වාස කර යහකම් කරන්නෙහු ද, ඔවුන්ට නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති වෙතින් තිළිණ ඇත. තව ද ඔවුනට කිසිදු බියක් ද නොමැත. ඔවුහු පසුතැවෙන්නෝ ද නොවෙති}
[උතුම් කුරානයේ 2 : 62 වැකියේ අදහස]

- කුසල කර්මවල නියැලීමට උනන්දු කරවීම. {විශ්වාස කළවුනි, අල්ලාහ් දෙවිඳාණන්ට කීකරු වනු. තව ද දේවදූතවරයාට ද කීකරුවනු. තව ද ඔබලා අතුරින් බලතල පවරනු ලැබ ඇති නායකයින්ට ද (කීකරු වනු) ඉක්බිති ව යමකු සම්බන්ධයෙන් ඔබලා මතභේද වූයේ නම්, ඔබලා අල්ලාහ් දෙවිඳාණන් සහ අවසන් දිනය කෙරෙහි විශ්වාස කරන්නේ නම්, එය (පිළිතුරු සෙවීම සඳහා) දෙවිඳාණන් වෙත ද දේවදූතයා වෙත ද පෙරළා එනු. එය වඩාත් යහපත් ය. වඩාත් යහ විවරණය ද වන්නේය} [උතුම් කුරානයේ 4 : 59 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{දෙවිඳාණන්ගේ දේවස්ථාන පරිපාලනය කළ යුත්තේ අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාසය තබන්නන් ම ය}[උතුම් කුරානයේ 9 : 18 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{සැබැවින් ම ඔබලාට දෙවිඳාණන්ගේ දූතයා තුළ යහපත් ආදර්ශ තිබෙන්නේ දෙවිඳාණන් හා පරමාන්ත දිනය පිළිබඳ ආශාව ඇති කර ගනිමින් වැඩි වැඩියෙන් දෙවිඳාණන් සිහිපත් කරන අයට ය}[උතුම් කුරානයේ 33 : 21 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{අල්ලාහ් හා පරමාන්ත දිනය අපේක්ෂා කරන අයට ඔවුන්ගෙන් ඔබලාට යහපත් ආදර්ශයක් ඇත}
[උතුම් කුරානයේ 60 : 06 වැකියේ කොටසක අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{(සාක්ෂිකරුවනි,) දෙවිඳාණන් වෙනුවෙන් (සාධාරණ ලෙස) සාක්ෂි දරනු. දෙවිඳාණන් ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කරන අයට එලෙස අනුශාසනා කරනු ලැබේ}[උතුම් කුරානයේ 65 : 02 වැකියේ කොටසක අදහස]

- අකුසල කර්මවලින් වළක්වයි. {ඔවුන් අවංක ව ම දෙවිඳාණන් සහ අවසන් දිනය විශ්වාසය කරන්නන් ව සිටියේ නම්, ඔවුන්ගේ ගර්භාෂ තුළ දෙවිඳාණන් මැවූ දේ සැඟවීම ඔවුනට නීත්‍යානුකූල නොවේ}[උතුම් කුරානයේ 02 : 228 වැකියේ කොටසක අදහස]

වරක් ආයිෂා තුමිය කාන්තාවකට මෙසේ පැවසුවාය.”ඔබේ සිත අවධි කරන මරණය පිළිබඳ අධිකව සිතන්න.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{ඔබලා ස්තී‍්‍රන් තලාක් (දික්කසාද) කර ඔවුනට ඔවුන්ගේ (පොරොත්තු කාල) දින සීමාව පරිපූර්ණ වූ විට ඔවුන් (කැමති වෙනත්) පුරුෂයන් සමඟ විවාහ වීමට සාධාරණ අන්දමින් ඔවුන් අතර (එක් ව විසීමට) කැමති නම්, ඔවුන්ට බාධා නොකරනු. ඔබලා අතුරින් අල්ලාහ් දෙවිඳාණන් පිළිබඳ ද අවසාන දිනය පිළිබඳ ද විශ්වාස කරන්නන්ට මෙසේ උපදෙස් දෙනු ලැබේ}
[උතුම් කුරානයේ 02 : 232 වැකියේ කොටසක අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{අල්ලාහ් දෙවිඳාණන් ද අවසන් දිනය ද කෙරෙහි විශ්වාස තැබූ අය තමන්ගේ වස්තූන් ද ප‍්‍රාණය ද කැප කර යුද නොවැදී සිටීමට ඔබගෙන් අනුමැතිය නොඉල්ලන්නේය. අල්ලාහ් කෙරෙහි බැතිමත් අය වන මොවුන් පිළිබඳ අල්ලාහ් දෙවිඳාණෝ මැනවින් දනිති. යුද නොවැදී සිටීමට ඔබගෙන් අනුමැතිය ඉල්ලා සිටින්නේ දෙවිඳාණන් සහ අවසන් දිනය විශ්වාස නොකරන අය යි. ඔවුන්ගේ හදවත් සැකයෙන් ගිලී ගියේය. එබැවින් ඔවුහු තමන්ගේ සැකයෙහි ම ගිලී එල්බ සිටින්නෝය}
[උතුම් කුරානයේ 09 : 44-45 වැකියේ කොටසක අදහස]

මරණින් මතු දිවිය කවරෙකු විශ්වාස නොකරන්නේ ද ඔහු කිසිදු පැකිලීමකින් තොර ව අකුසල කර්මවල නියැලෙන්නේය. ඒ පිළිබඳ ඔහු ලැජ්ජාවට ද පත් නොවන්නේය.{ඔබ (මරණින් මතු) විනිශ්චය බොරුවක් යැයි පවසන පුද්ගලයා දැක්කෙහි ද? ඔහු කවරෙක් ද      යත් අනාථයින් පලවා හරින්නේය. එමෙන් ම දුප්පතුන්ට ආහාර ලබා දීමට (අන් අය) උනන්දු නොකරන්නේය}
[(උතුම් කුරානයේ 107 : 1-3 වැකිවල අදහස්)]

ඉමාම් හසන්තුමාණෝ මෙසේ ප‍්‍රකාශ කළහ. ‘‘කවරෙකු මරණය පිළිබඳ හොඳින් වටහාගන්නේ ද ඔහුට ලෞකික දුෂ්කරතා පහසු වන්නේය.’’

- මතු පැවැත්මෙහි ආනන්දය සහ එහි තිළිණ බලාපොරොත්තුවෙන් සිටින දේව ඇදහිලිවන්තයෙක් ලෞකික දිවියට වහල් නොවන්නේය. සැබෑ විමුක්තිය ස්වර්ගය යි. මෙලොව දිවියෙහි ආස්වාද සියල්ල හුදෙක් මුලාවක් හා ශූන්‍යයක් පමණි. {සෑම ආත්මයක් ම මරණය භුක්ති විඳියි. නියත වශයෙන් ම ඔබලාට ඔබලාගේ ඵලවිපාක පූර්ණ ව දෙනු ලබන්නේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ය. යමෙකු අපාගින්නෙන් වලක්වනු ලැබ ස්වර්ගයට ඇතුළු කරවනු ලැබේ නම්, ඔහු සත්‍ය වශයෙන් ම ජය ලැබුවේය. මෙලොව ජීවිතය මායාකාර ආශ්වාදයක් වේ}
[උතුම් කුරානයේ 03 : 185 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{මා මාගේ පරමාධිපතිට අකීකරු වූවා නම් මහා (භයානක) දිනයක දඬුවම ගැන නියත වශයෙන් ම මම බිය වන්නෙමි යි (දේවදූත මුහම්මද් ඔබ) පවසන්න. එදින කවරෙකුගෙන් (වද හිංසාව) ඉවත් කරනු ලබන්නේ ද එය දෙවිඳාණන්ගෙන් ඔහුට හිමි වන දයාවකි. එය ඉමහත් ජයග‍්‍රහණයකි}
[උතුම් කුරානයේ 06 : 15-16 වැකිවල අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{මරණින් මතු ජීවිතය ඉතා වඩාත් යහපත් ය. තව ද එය නිත්‍ය ද වන්නේය}[උතුම් කුරානයේ 87 : 17 වැකියේ අදහස]

දේව ඇදහිලිවන්තයෙකුගේ මෙලොව දිවියෙහි අතපසු වූ සියල්ලක්ට ම පාහේ කුලිය වශයෙන් ආනිසංස හිමිකර දෙනු ලැබේ. එය ඉමහත් ජයග‍්‍රහනයකි.මෙලොව ජීවිතය මායාකාර ආශ්වාදයකි.{සෑම ආත්මයක් ම මරණය භුක්ති විඳියි. නියත වශයෙන් ම ඔබලාට ඔබලාගේ ඵලවිපාක පූර්ණ ව දෙනු ලබන්නේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ය. යමෙකු අපාගින්නෙන් වලක්වනු ලැබ ස්වර්ගයට ඇතුළු කරවනු ලැබේ නම්, ඔහු සත්‍ය වශයෙන් ම ජය ලැබුවේය. මෙලොව ජීවිතය මායාකාර ආශ්වාදයක් වේ}[උතුම් කුරානයේ 03 : 185 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {මා මාගේ පරමාධිපතිට අකීකරු වූවා නම් මහා (භයානක) දිනයක දඬුවම ගැන නියත වශයෙන් ම මම බිය වන්නෙමි යි (දේවදූත මුහම්මද් ඔබ) පවසන්න. එදින කවරෙකුගෙන් (වද හිංසාව) ඉවත් කරනු ලබන්නේ ද එය දෙවිඳාණන්ගෙන් ඔහුට හිමි වන දයාවකි. එය ඉමහත් ජයග‍්‍රහණයකි}[උතුම් කුරානයේ 06 : 15-16 වැකිවල අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {මරණින් මතු ජීවිතය ඉතා වඩාත් යහපත් ය. තව ද එය නිත්‍ය ද වන්නේය}[උතුම් කුරානයේ 87 : 17 වැකියේ අදහස].

”සිතට සැනසුම, ආනන්දය, ජයග‍්‍රහණය, සහ ශාන්තිය ලබා ගත හැකි වනුයේ දෙවිඳාණන් අල්ලහ් නැමදීමෙන් සහ ඔහු කෙරෙහි ආදරය දැක්වීමෙන් පමණි.”

‍ ෂෛකුල් ඉස්ලාම් ඉබ්නු තයිමියාතුමාණෝ



Tags: