3. ඒක දේවවාදී සංකල්පය ගැත්තෙකුගේ “රුබූබිය්යත්” නමැති දේවත්ව සංකල්පය තුළ ඇතිකරවන වෙනස්කම්
1. ඒක දේවවාදී සංකල්පය තුළ ජීවත්වන මිනිසා අර්බුදයන්ගෙන් සහ සැකසාංකාවන් වලින් මිදෙන්නේය. ඔහු මවා පෝෂණය කරන දෙවි කෙනෙකු සිටින බව ද උතුමාණන් සියල්ලන්ගේ ම සහ සියල්ලකගේ ම මැවුම්කරු බව ද පිළිගන්නේය. එම මැවුම්කරු ඔහුව ගෞරවයට සහ ශ්‍රේෂ්ඨත්වයට පාත්‍ර කර ඇත්තේය. මහපොළොවේ නියෝජිතයෙකු හැටියට ද පත් කළේය. අහස් ගැබෙහි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහුට වස`ග කර දුන්නේය. උතුමාණන් ඔහුට පැහැදිලි සහ ගුප්ත වාසනාවන් ද තිළිණ කළේය. උන්වහන්සේ කරා සමීප වීමෙන් ඔහුගේ සිතට සැනසුම සහ සහනය ගෙන දෙන්නේය. මෙලොව දිවිය අනිත්‍ය බව ද ඔහුට අවබෝධ වන්නේය. සර්වබලධාරී දෙවිඳාණන් විශ්වාස කිරීම තුළින් ඔහුට අයහපතෙන් යහපත ද අසාධාරණයෙන් සාධාරණය ද හිරිහැරෙන් සැනසුම ද හිමිවන බව සක්සුදක්සේ ගම්‍ය වන්නේය.
දෙවි`දාණන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන උදවිය උන්වහන්සේගේ හමුවීම පිළිකුල් කරති. ප්‍රීතියක්, සොම්නසක් හෝ තේරුමක් නොමැති දිවියක් ගත කරති. ඔවුන්ගේ ලෞකික දිවිය පිළිතුරු නොමැති ප්‍රශ්න සමුදායකින් අනූන ය. අර්බුධයන්ගෙන් සහ දොම්නස් වලින් සමන්විතය. ඔවුනට දෙවි`දාණන් කරා සමීප වීමට කිසිදු ම`ගක් ද නොමැත. ඔවුන් ජීවත් වනුයේ ඔවුන්ගේ ම සිතුවිලි තුළ ය. එම සිතුවිලි ඔවුනට දුෂ්කරතාවයන් පීඩාවන් සහ සැකයන් සාංකාවන් පමුණුවන රෝගකාරකයන් හැටියට වෙස් ගන්නේය. සැනසුම නමැති වාතය මොවුහු ආග්‍රහණය නො කරති. ඔවුන්ට මෙලොව අපාය වනුයේ මෙය යි. ගින්නෙන් දැවී නොමැරී ද`ගලන පළගැටියෙකු මෙන් උදේ සවස ඔවුන්ගේ හදවත් චංචල වේ.
දෙවි`දාණන් කෙරෙහි අචල විශ්වාසය තැබීම.
2. සිතට සැනසුම
සිතට සැනසුම ළ`ගා කර ගැනීමට තිබෙන්නා වූ එක ම මාර්ගය වනුයේ දෙවි`දාණන් පිළිබ`දවත් මරණින් මතු දිවිය පිළිබ`දවත් කිසිදු සැකයකින්, වංකභාවයකින් හෝ කුහකකමකින් තොරව විශ්වාස කිරීමය. මිනිසාට තම ආත්මය සහ වටපිටාවේ අලංකාරත්වය දෘෂ්‍යමාන නො වන්නේය. කිම ද යත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකු දුෂ්කරතාවයන්ගෙන්, උස්පහත් බේදයන්ගෙන්, අහිමිවීම් සහ මානසික සුවය නොමැති වීම වැනි නොයෙකුත් අර්බුධයන්ගෙන් පීඩා වි`දින නිසාවෙනි.
මිනිසුන්ට දෙවිඳාණන්ගේ අවශ්‍යතාවය ඇතිවනුයේ තමා ස්වයංපෝෂිත නොවන බව හැෙඟන අවස්ථාවෙහිය.
ඔවුහු දේව විශ්වාසයෙන් සහ බියබැතිභාවයෙන් දුරස් වූවන් වෙති. සදාචාරය පිරිහුනු කාන්තා සහ ළලනාවන්ගේ අසැබි වැඩසටහන් ම`ගින් මානසික තෘප්තිය සහ සැනසීම මුදුන්පත් කරගැනීමට වෙර දැරුව ද එයින් ද ඔවුහු අසමත් වෙති . සැබවින් ම මොවුන් මොලොව දිවියෙහි හරය හෝ ඉලක්කය අවබෝධ කරනොගනිති. මෙසේ තිබිය දී ඔවුන්ගේ ආත්මයට කෙසේ නම් ශාන්තිය හිමිවන්නේ ද? හදවත කෙසේ නම් විවර වන්නේ ද? මෙම ශාන්තිය සහ සැනසුම උදාකරගත හැකි වනුයේ දේව විශ්වාසය තුළින් පමණි.
ඒකදේවවාදය යනු සාරවත් වෘක්ෂයකි. එම වෘක්ෂයේ ඵලයන්ගෙන් දෙවි`දාණන් අභිමත කරන උදවියන් පෝෂණය කෙරෙති. සැනසුම එම වෘක්ෂයෙන් හඹා එන මදපවන යි. එම මදපවනෙන් සැනසෙන්නේ දේව විශ්වාසවන්තයින් පමණි. එම සුළ`ග දේව ඇදහිලිවන්තයින්ගේ සසලවන වන හදවත් නිසල කරන්නේය. ඔවුන්ගේ කෝපය සමනය කරන්නේය. හිරිහැර පීඩාවන් වලට මුහුණපාන විට සැනසුම ගෙන දෙන්නේය. ඔවුන් පිපාසයට භාජනය වන විට ඔවුන්ගේ පිපාසය සංසි`දුවන්නේය. බියභීත වන විට ඔවුනට සහය දී ඔවුන්ගේ බිය තුරන් කරන්නේය. දේව¥ත මුහම්මදාණෝ මක්කම භූමියේ සිට මදීනා භූමියට සංක්‍රමණය වන විට තම මිත්‍රයා අමතා ප්‍රකාශ කළ සැනසුම් බස පිළිබ`ද ව ද දෙවි`දාණන් උතුම් කුරනයේ ස`දහන් කරන්නේය.{නුඹලා දේවදූතයාණන්ට උදව් නොකලත් (එයින් කිසිදු දෝෂයක් නැත.) ප්‍රතික්ෂේප කළවුන් ඔහු (මක්කාහ්වෙන්) පිට මං කරන විට දෙවි`දාණන් ඔහුට උදව් කළේය. එම දෙදෙනා ගුහාවෙහි සිටි විට (දෙදෙනාගෙන් දෙවැන්නා) තම සඟයාට දුක් නොවන්න. නියතවශයෙන් ම දෙවි`දාණන් අල්ලාහ් අප සමඟ යැයි කීවේය}
[උතුම් කුරානයේ 9 : 40 වැකියේ කොටසක අදහස ]
එබැවින් දෙවිඳාණන් සම`ග පවතින ඔහුගේ සබඳතාව ශක්තිමත් විය යුතුය.
‘‘අබූබක්ර්’’ තුමාණන් දුකෙන් විසීය. ඔහුගේ එම ශෝකය වූයේ හුදෙක් ඔහු පිළිබඳ හෝ ඔහුගේ දිවිය පිළිබඳ නො ව, එය දේවදූත මුහම්මද්තුමාණන් පිළිබඳ සහ ඒකදේවවාද ඇරයුමට තිබෙන්නා වූ බාධාවන් පිළිබඳවත් ය. සතුරන් විසින් ඔවුන් රැදී සිටි ගුහාව වට කළ මොහොතේ මා දේවදූතයාණන් අමතා,«දෙවි`දාණන්ගේ ¥තයාණෙනි, මොවුන්ගෙන් කෙනෙක් තම පාදය දෙස බැලුවේ නම්, මෙහි සැ`ගවී සිටින අප දෙදෙනාගේ කොටුවෙනවා නො වේ ද? යන්නෙන් එතුමාණන්ගේ කනට රහසින් කො`දුරුවෙමි. එවිට එතුමාණන් අබූබක්ර්, බිය නොවන්න. අප දෙදෙනා පමණක් නොව තුන්වැන්නා හැටියට දෙවි`දාණන් අල්ලාහ් ද අපත් සම`ග සිටින්නේ යැයි ප්‍රකාශ කළේය.»
(මූලාශ්‍රය : මුස්ලිම් )
මෙම ශාන්තිය දෙවි`දාණන් කෙරෙන් පැමිණෙන ආශිර්වාදයක් වන්නේය. කවරෙකුගේ හදවතෙහි දෙවිඳාණන් පිළිබඳ බියභැතිමත්භාවය පවතින්නේ ද ඔවුනට එය ආලෝකයක් හැටියට ද රැෙඳනු ඇත. එම`ගින් ඔහුගේ ශෝකයන් තුරන් වනු ඇත. නොසන්සුන්තාවය ඔහු කෙරෙන් පළවා හැරෙනු ඇත. විඩාව පහ වී සැනසුමෙන් ප්‍රබෝධමත් වනු ඇත. දුර්වලභාවයෙන් මිදී ශක්තිමත් වන්නේය. කටුකත්වයෙන් සහ සැකයෙන් මිදී යහම`ගට යොමු වන්නේය. මෙම සැනසුම ස්වර්ගයේ එක් කවුළුවකි. එය දෙවි`දාණන්ගේ පැවැත්ම විශ්වාස කරන තම ගැත්තන් වෙනුවෙන් උතුමාණෝ විවර කළෝය. එම කවුළුවෙන් සුගන්ධයෙන් පිරී සුළ`ගක් සහ ආලෝකයක් නිකුත් වන්නේය. කවරෙකු යහපත් කි්රයාවන්ගෙන් පෙරමුණ ගන්නේ ද ඔවුහු එම සුවය අත්වි`දින්නෙහු ය. ඔබලා දකින්නේ උතුමාණන් තිළිණ කළා වූ ආශිර්වාදයන්ගෙන් සීමිත කොටසකි. ඔවුහු උතුමාණන්ගෙන් ආරක්ෂාව, ශාන්තිය සහ ආශිර්වාදයන් හිමි කරගනිති. දේව විශ්වාසය ජයග්‍රහණය හා සමීප වූවකි. කවරෙකු දෙවි`දාණන්ගේ උපකාරයෙන් තොරව ජීවත් වීමට ප්රයත්න දරන්නේ ද ඔහු තමාගේ පිහිටට මිනිසුන් කරා තම දෙඅත් දිගහරිනු ඇත. දෙවි`දාණන් සම`ග තිබෙන ඔබගේ සම්බන්ධය දුර්වල වනවිට සැකය ඔබ වෙලාගන්නේය.
3 යහපත හෝ අයහපත එය රැදීපවතිනුයේ දෙවි`දාණන්ගේ දෑතෙහි ය. උතුමාණන් අප සැවොමගේ මැවුම්කරුවාණෝ ය. අපට ආහාර ලබා දෙන සර්වෝත්තම රජාණන් ය. මහපොළොවෙහි සහ අහස් කුසෙහි පාලන බලය හිමි වන්නේ උතුමාණන්ට ය. එබැවිනි දේව ඇදහිලිවන්තයෙකු යහපත හෝ අයහපත ලාභය හෝ අලාභය ඉරණමේ ලියැවී ඇති ආකරයට සිදුවන බව විශ්වාස කරනුයේ. මැවීම් සියල්ලක් ම දෙවි`දාණන්ගේ බලපරාක්රමයට එරෙහි වුව ද එහි කිසිදු ඵලක් නොමැත. උතුමාණෝ ඒකීය වන්තයාණෝ ය. හිමි කරන්නෙත් අහිමි කරන්නෙත් වාසනාව සහ අවාසනාව ගෙනදෙන්නෙත් ඔහු ය. උතුමාණන් විශ්වාස කිරීම ඒකදේවවාදී සංකල්පයෙහි උත්කෘෂ්ට අංගයකි. එබැවිනි, දෙවි`දාණන් කිසිදු යහපතක් හෝ අයහපතක් ගෙන දීමට නොහැකි දෙයකට නමස්කාර කිරීම පිළිකුල් කරනුයේ.මේ පිළිබඳ දෙවිඳණෝ වදාළා:{අහස්වල සහ මහපොළොවේ (ධනසම්භාරයේ) යතුරු ඔහු සතුය. දෙවිඳාණන්ගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් පරාජිතයෝ ය}
[උතුම් කුරානයේ 39 : 63 වැකියේ අදහස ]
සිතෙහි පවතින දුක්ගැහැට සහ සටකපටකම් දෙවිඳාණන් ව මුළුහදවතින් ම පිළිගැනීමෙන් වියැකී යන්නේය. එමෙන් ම ක්රෑරත්වයන් නමැති රෝගයට හුදකලාවේ දෙවිඳාණන් සමඟ සම්මුඛ වීම නිසා නිවාරකයක් ලැබෙන්නේය. දෙවිඳාණන් දැන හැඳිනගැනීමෙන් සහ උන්වහන්සේ සමඟ තිබෙන්නා වූ අවංක සම්බන්ධතාව මඟින් සිතෙහි ඇතිවන සියලූ දුක්ගැහටක් ම තුරන් වී යන්නේය.
4 දෙවි`දාණන්ගේ මහිමය.
දෙවි`දාණන්ගේ මහිමය දේව පැවැත්ම තහවුරු කරන පුද්ගලයාගේ දිවියෙන් ගම්‍යවන එක්තරා සාධකයකි. නැමදුම්වල දී සහ ආයාචනා කිරීමේ දී ඔහු උතුමාණන් කේවල කරන්නේය. ඔහු මහපොළොවේ සහ අහස් ගැබ්හි අධිපතියාණන් පිළිබ`ද විචාරශීලී ව සහ බුද්ධිමත් ව මෙනෙහි කරන්නේය.{මාගේ පරමාධිපති සියලූ දෑ කෙරෙහි දැනුමෙන් ව්‍යාප්ත ය.}[උතුම් කුරානයේ 6 : 80 වැකියේ කොටසක අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{ අපගේ පරමාධිපතියාණනි, ඔබ මේ සියල්ලක් ම මවා ඇත්තේ හුදෙක් පරමාර්ථයක්න් තොරව නො ව. ඔබ සුවිශුද්ධ ය. එහෙයින් අප අපාගින්නේ වේදනාවෙන් අරක්ෂා කරනු මැනව. (යැයි ප්‍රාර්ථනා කරන්නෝය.)}[ උතුම් කුරානයේ 3 : 191 වැකියේ කොටසක අදහස]
මේ සියල්ලක් ම හඟවනුයේ දෙවිඳාණන් අතර සහ මිනිස් සිත අතර තිබෙන්නා වූ සම්බන්ධතාවය යි. නූගත්කම නමැති රෝගය උගත්කමින් මැඩලීමේ ආකාරය යි. උන්වහන්සේගේ දහම සහ ශික්ෂා සංග්‍රහය උත්කෘෂ්ට කිරීමෙහි ලා යුහුසුළුභාවය යි. දෙවිඳාණන් කෙරෙහි හෝ ඔහු නොවන වෙනකෙනෙකු මඟින් හෝ මහපොළොවේ තිබෙන්නා වූ සහ අහස් ගැබේ තිබෙන්නා වූ යම් දෙයකින් හෝ අංශුමාත්‍රයක ප්‍රමාණයකින් උතුමාණන්ට ආදේශ තැබීම උන්වහන්සේ විසින් තහනම් කොට තිබේ. මෙය දේවවාදයේ මෙන් ම දෙවිඳාණන්ගේ ව්‍යවස්ථා සම්පාදනයෙන් ඇතිවන බලපෑමයි.