{උත්තරීතර දෙවිඳාණන් වන උන්වහන්සේ මැවුම්කරු ය. පරම උත්පාදකයා ය. පරම මූර්තිකරුවා ය} [උතුම් කුරානයේ 59 : 24 වැකියේ කොටසක අදහස] දෙවිඳාණන්ගේ නාමයන් සහ එහි අර්ථයන් අලංකාර මෙන් ම මනහර ය. මෙම නාමයන් තුළ ආදරය සහ කරුණාව වැනි දෑ ද ඉස්මතු වේ. උතුමාණන්ගේ ඒකීයත්වය උත්කෘෂ්ටත්වය මෙම නාමයන්හි අන්තර්ගත වේ. එම නාමයන් කෙතරම් මනහර ද යන්න ඔබට මෙම ග‍්‍රන්ථය උපයෝගී කොටගෙන හැදෑරිය හැකිය. උතුමාණෝ මැවීම්කරුවාණෝ ය. විශ්වයේ පවතින සියලූ දේ නිර්මාණය කළේ උතුමාණෝ ය. ඒවාට සරිලන රූපයක් ලබා දී එය මනාව සහ සූක්ෂම හැඩ ගැන්නුවේ ද ඔහු ය. මෙවැනි ඉමහත් ගුණාංගයන් උතුමාණන්ගෙන් වියැකී නොයනු ඇත. උතුමාණෝ අධිපතියාණෝ ය. ගැත්තන් සියල්ලන් ම පෝෂණය වනුයේ උන්වහන්සේගෙන් ය. උතුමාණන්ගේ පෝෂණයෙන් ගැත්තන්ගේ සිත් සතන්ව, ආත්මයන් සහ ගුණාංගයන් යහපත් වන්නේය. මෙබැවිනි උතුමාණන් අධිපතියාණෝ යන නාමයෙන් බොහෝ විට ආමන්ත‍්‍රණය කරනු ලැබෙන්නේ.
තම පාලන කටයුතු නිසියාකාරව කරගෙන යෑමටත් තම මැවීම් වෙත ආශිර්වාදයන් පිරිනැමීමටත් ඔහුට සමාන අධිපතියෙක් නොමැත. උතුමාණෝ විශ්වයේ සර්වෝත්තම රජාණෝ ය.තම මැවීම් පාලනය කිරීමේ ශක්තිය ඇත්තේ උතුමාණන්ට ය. අරාබි භාෂාවේ පද දෙකක් සම්බන්ධ කරන අවස්ථාවක මිස අනෙකුත් කිසිදු අවස්ථාවන්හි දි අරාබි වචනයක් වන ‘‘රබ්’’ (අයිතිකරු) නමැති පදය මැවීම් සමඟ සම්බන්ධ නොකළ යුතුය. උදාහරණ වශයෙන්, ‘‘රබ්බුද් දාර්’’ (ගෙහිමියා), ‘‘රබ්බුල් මාල්’’ (දේපළ මිල මුදල් අයිතිකරු) මෙලෙස රබ් නමැති අරාබි පදයට පරව නාම පදයක් නොයෙදෙන අවස්ථාවන්හි දී රබ් නමැති පදය භාවිතා කළ යුත්තේ දෙවිඳාණන් අල්ලාහ්ට පමණි.
මිනිස් අවශ්‍යතාවයන් මිනිසා දැන හැඳින ගැනීමට පෙරාතුව ම දෙවිඳාණන් විසින් හඳුනා ගනු ලබන්නේය. නියමිත කාලෙට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුවිය යුතු යැයි ද ආයාචනා කරති. ඔවුන් දේවත්වය ඒකීය දෙවිඳාණන් අල්ලාහ්ට පමණක් සීමා කිරීමට පූර්වයෙන් කන්නලව් මෙන් ම ආයාචනා කළේ ද දෙවිඳාණන්ගෙන් ය. ප‍්‍රාර්ථනාවන්, උදව් පැතීම් සහ විශ්වාස තැබීම් වැනි නොයෙකුත් වන්දනාමාන ඉටු කළේ ද දෙවිඳාණන් වෙනුවෙන් ය. මෙය රුබූබියියත් යන්නෙන් හැඳින්වනු ලැබේ.
‘‘රුබූබියියත්’’ නමැති දේව සංකල්පයෙහි අන්තර්ගත දෑ වනුයේ ; අහාර පැතීම, සනීපාරක්ෂාව පැතීම , ආශිර්වාද පැතීම සහ අවශ්‍යයතාවයන් අයැදීම යනු කරුණු දෙවිඳාණන්ගෙන් කන්නලව් කිරීමය.
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :
{මට ආහාර පාන ලබා දෙනුයේ උන්වහන්සේ ය. මා රෝගී වුවහොත් මට සුවය ලබා දෙන්නේ ද උතුමාණන් ය. මා මරණයට පත්කරන්නේ ද පසුව මට ජීවය ලබා දෙන්නේ ද ඔහු ය} [උතුම් කුරානයේ 26 : 79 - 81 වැකිවල අදහස්]