දේව පැවැත්ම තහවුරු කරන සාධක

දේව පැවැත්ම තහවුරු කරන සාධක

දේව පැවැත්ම තහවුරු කරන සාධක:

දේව පැවැත්ම තහවුරු කරන සාධක:

විශ්වයේ පාලන බලය සහ ක‍්‍රියාකාරීත්වය රැඳී පවතිනුයේ දෙවිඳාණන් සතුව ය. මු:මින්වරයෙකු (දේව ඇදහිලිවන්තයෙකු) දෙවිඳාණන්ගේ පැවැත්ම සත්‍ය යැයි පිළිගන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{අහස් සහ මහපොළොවෙහි නිර්මාපක දෙවිඳාණන් වන අල්ලාහ් ගැන සැකයක් තිබිය හැකි ද? ඔහු නුඹලාට ඇරයුම් කරන්නේ, නුඹලාගේ පව්වලට නුඹලාට සමාව දීමටත් නියමිත කාල සීමාවකට නුඹලාට අවකාශ දීමටත් යැයි ඔවුන්ගේ දූතයින් පැවසූහ. (එවිට) නුඹලා අප වැනි මිනිසුන් ය. අපගේ මුතුන්මිත්තන් නැමදුම් කළ දැයින් අප වළක්වන්නට නුඹලා අදහස් කරන්නෙහුය. එසේ නම් අප වෙත පැහැදිලි අණබලයක් ගෙන එනුයි ඔවුහු කීහ}
[උතුම් කුරානයේ 14 : 10 වැකියේ අදහස]

මු:මින්වරයෙකු (දේව ඇදහිලිවන්තයෙකු) දෙවිඳාණෝ අද්විතීයවන්තයාණෝ ය යන්න සහ නැමදීමට සුදුස්සා උතුමාණන් බව පිළිගන්නේය. ඔබ උතුමාණන්ගේ උත්කෘෂ්ටභාවය, භාග්‍යයන් සහ ආශිර්වාදයන් පිළිබඳ හැර අන් කිසිවක් ප‍්‍රශංසා නො කරන්නේය. එමෙන් ම ඔබ සැප විඳින විට දී සහ දුක් විඳින විට දී දෙවිඳාණන්ගේ පිහිට අවැසි වන්නේය.

සියල්ලකට ම සාධක තිබිය දී දෙවිඳාණන්ගේ පැවත්මෙහි සාධක කෙසේ නම් සාවද්‍යය වේ ද?

දේව පැවැත්ම තහවුරු කරන සාධකයන් අප විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන විට පහත සඳහන් ස්වාභාවික සාධකයන් දෙවිඳාණන්ගේ පැවැත්ම ස්ථිර කරන්නේය.

1 ස්වභාව ධර්මයා:

සියලූ මැවීමක් තුළ ම දේව විශ්වාසය කාවද්දන ලදී. මිනිසෙකු දේව පැවැත්මක් නොමැත යන්න තම බුද්ධියෙන් සහ හදවතින් එකී පැවැත්ම ප‍්‍රතික්ෂේප කරන විට ස්වභාවික සාධකයන් දේව පැවැත්ම සත්‍ය බව ඔහුට තහවුරු කර දෙන්නේය. දේව පැවැත්ම සත්‍ය කරන සාධකයන් මිනිසාගේ බුද්ධියට නොයෙකුත් තර්කයන් ද ඉදිරිපත් කරන්නේය.«සිවුපාවෙකු අංග සම්පූර්ණ පැටවෙකු ජනිත කරන්නාක් මෙන් මිනිසා ද ඉපදෙන විට ඔහුගේ අංග සම්පූර්ණ ස්වාභාවික දහමෙහි උපත ලබන්නේය. ජනිත වූ පැටවා සම්පූර්ණයෙන් ම ආබාධිත කරවන්නා සේ දෙමව්පියන් තම දරුවන් ස්වභාවික දහමින් දුරස් කර යුදෙව්වෙකු හැටියට හෝ ක‍්‍රිස්තියානුවෙකු හැටියට හෝ මජූසි (ගින්න නමදින) කෙනෙක් හැටියට පත් කරන්නේය» (මූලාශ‍්‍රය : බුහාරි)

සෑම මැවීමක් ම තුළ ම දේවත්වය ස්ථිර කරන ස්වභාවික කරුණක් පවතින්නේය මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{දෙවිඳාණන්  මිනිසා මවා ඇති ස්වභාවය අනුව අවංකව ධර්ම (විශ්වාස)ය වෙත නුඹගේ මුහුණ යොමු කරනු. දෙවිඳාණන්ගේ මැවීම් හි වෙනස් කිරීමක් නැත. ඍජු වූ ධර්මය ද එය යි. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා ඒ පිළිබඳ නො දනිති}[උතුම් කුරානයේ 30 : 30 වැකියේ අදහස]

මේ සියල්ලක් ම දේවත්වය සත්‍ය කරවන සාධකයන් ය.

‘‘සාතාන්’’ නොම`ග යවන පුද්ගලයින් හැර අනෙකුත් උදවියට දේවත්වය සත්‍ය කරවන සාධකයන්ගෙන් ප‍්‍රධාන සාධකය වනුයේ ස්වභාවධර්මයා ය. මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා :

{දෙවි`දාණන්  මිනිසා මවා ඇති ස්වභාවය අනුව සත්‍යය ධර්ම විශ්වාස කරන්නේය}[උතුම් කුරානයේ 30 : 30 වැකියේ කොටසක අදහස]

මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා: {අවංකව සත්‍ය ධර්මය වෙත නුඹගේ මුහුණ යොමු කරනු.}[උතුම් කුරානයේ 30 : 30 වැකියේ කොටසක අදහස]

දේවත්වය විශ්වාස කිරීම මිනිස් ස්වභාවය යි. සාතාන් නොම`ග යැවු පුද්ගලයන්ට මේ පිළිබඳ හැ`ගුන ද ඒ පිළිබඳ ඔහු තැකීමට නො ගන්නේය. ඔහු දුෂ්කරතාවයන් හි ඇද වැටෙන විට ඔහුගේ හදවත, දෑත් සහ දෙනෙත් නිරායාසයෙන් ම අහස කරා සහ දෙවිඳාණන් කරා කන්නලව් කිරීමට පෙළඹෙන්නේය.

දේව විශ්වාසය සහ දෙවිඳාණන් පැවැත්මෙහි විශ්වාසය ගලේ කොටපු අකුරු මෙන් මිනිස් සිත තුළ කිඳා බැස තිබෙන හෙයින් දේව විශ්වාසය තහවුරු කිරීමට මේ හැර කිනම් සාධකයක් හෝ අත්‍යවශ්‍ය වන්නේ ද?

2. විචාර බුද්ධිය:

මැවීම්කරුවාගේ පැවැත්ම තහවුරු කරන තවත් සාධකයක් නම් විචාර බුද්ධිය යි. මුග්ධ ජනයින් මේ පිළිබඳ කිසිවක් සිතා නො බලති.

බුද්ධිමය සාධකයන් :

1. සෑම මැවීමකට ම මැවුම්කරුවෙකු එනම් සෑම වස්තුවකට ම නිර්මාණකරුවෙකු සිටින බව සියලූ දෙනා අවිවාදයෙන් වුව ද පිළිගන්නා මතයකි. එක් ආත්මයක් තවත් ආත්මයකට ස්ථිර හෝ තාවකාලික මැවීම්කරුවෙකු හැටියට පත්විය නොහැක. මන් ද තමන් විසින් තමා ම නිර්මාණය කළ නොහැකි නිසාවෙනි. එනම් වස්තුවකට ස්වයංව නිර්මාණය වීමේ ශක්තියක් නොමැති බව ප‍්‍රසිද්ධ රහසකි. එසේ නම් පූර්වයේ නොසිටි පුද්ගලයා කෙසේ නම් මැවීම්කරුවෙකු විය හැකි ද?  ඕනෑම සිදුවීමක් සිදුවීමට නම් එම සිදුවීම පිටුපස එය සිදු කරන්නෙක් සිටිය යුතුය.

එම සිදුවීම් සූක්ෂම ස්වභාවයකින් ද හේතු කාරණා සහ හේතුකාරකයන්ගෙන් අනූන විය යුතුය. සෑම නිර්මාණයකට ම නිර්මාතෘවරයෙක් සිටිය යුතුය. මෙම නිර්මාණයන් ස්වයංව නිර්මාණය වූ ගණයට ද පත්නොවන්නේය. මන් ද මෙම මැවීම් පිටුපස ස්වභාවික සිදුවීමක් නොමැති හෙයිනි.

මේ පිළිබඳ දෙවිඳාණන් වදාළා :

{කිසිවෙක් නොමැතිව ඔවුන් මවනු ලැබුවේ ද? නැතහොත් ඔවුහු (ඔවුන්ගේ) ම මැවුම්කරුවෝ වෙත් ද?}[උතුම් කුරානයේ 52 : 35 වැකියේ අදහස]


නිර්මාතෘවරයකුගෙන් තොරව නිර්මාණයක් තිබිය නොහැක. එම නිර්මාණයන් ස්වයං නිර්මාණයන් ද නො වේ. එසේ නම් ඔවුන්ගේ නිර්මාපකයා දෙවි`දාණන් නො වේ ද? එබැවිනි “මුත්අම් තුමාණන්ගේ පුත‍්‍රයා වන සුබෛර්” තුමාණන්ට දේව¥ත මුහම්මද් තුමාණෝ උතුම් කුරානයේ  “තූර්” පරිච්ඡේදයෙන් පහත සඳහන් වැකි කියවා පෙන්වන ලද්දේ . මේ පිළිබඳ දෙවිඳාණන් වදාළා :{කිසිවෙක් නොමැතිව ඔවුන් මවනු ලැබුවේ ද? නැතහොත් ඔවුහු (ඔවුන්ගේ)ම මැවුම්කරුවෝ වෙත් ද? නැතහොත් මොවුහු අහස් සහ මහපොළොව මවා ඇත්තෝ ද? නැත, මොවුහු ස්ථීර ලෙස විශ්වාස නො කරන්නෝය. නැතහොත් නුඹගේ පරමාධිපතිගේ නිධාන මොවුන් සතුව තිබේ ද? නැතහොත් (ඒ කෙරෙහි) ආධිපත්‍යය ඇත්තවුන් මොවුන් ද? }
[උතුම් කුරානයේ 52 : 35-37 වැකියේ අදහස]

ආදේශ තබන්නෙකු ලෙස සිටි කාලේ සුබෛර් මෙසේ පැවසීය «මට පියාසර කිරීමට සිතෙන්නේය» (මූලාශ‍්‍රය : බුහාරි)

2. මැවීම් තුළින් ගම්‍ය වන දෙවි`දාණන්ගේ පැවැත්ම

මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා :{අහස්වල සහ මහපොළොවේ ඇති දෑ ගැන (සිතා) බලන ලෙස පවසන්න.}
[උතුම් කුරානයේ 10 : 101 වැකියේ කොටසක අදහස] 

අහස සහ මහපොළොව නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වන්නේ එය දෙවි`දාණන්ගේ මැවීමක් යන්නය. එමගින් දෙවි`දාණන්ගේ පැවැත්ම තහවුරු වන්නේය. මිනිසෙකුගෙන් ඔබ ඔබගේ දෙවි`දාණන් පිළිබ`ද දැන හැ`දින ගන්නේ කෙසේ දැයි විමසනු ලැබීය. එවිට ඔහු “පයෙන් සක්මන් කළ හැකි බව අපි දනිමු. ඔටු පැටවෙකුට උගේ මව සිටින බව හැ‍‍ෙඟන්නේය. මහ මුහුදු රැල්ලෙන්, අහස් කුසවල් වලින් සහ මහපොළොවේ විශාලත්වයෙන් දැනෙන්නේ ඒවා පාලනය කරන්නෙකු මෙන් ම නිරීක්ෂණය කරන්නෙකු සිටිනවා නො වේ ද ? ” යන්නෙන් පිළිතුරු ලබා දුනනේය.

මිනිස් සංහතිය නොහැකියාව නමැති රකුසෙකුගෙන් අරක්ගෙන තිබේ. වාණිජමය අතින් ද නැණ නුවණින් ද පිරිහී තිබේ. මෙම නොහැකියාවෙන් සහ පිරිහීමෙන් මිදීමට නම් දෙවි`දාණන් පිළිබ`ද විශ්වාසය තැබීම ඔවුනට ප‍්‍රමාණවත් වන්නේය.

3. දෙවි`දාණන් එක්තරා නීතිරාමුවක් තුළ මානවයින්ට ජීවන ශෛලියක් ද නිර්මාණය කළේය. මෙම ජීවන ශෛලිය සකල විශ්වය පාලනය කරන සර්වෝත්තම රජාණන්ගේ පැවැත්ම තහවුරු කරන සාධකයකි. නැමදීමට සුදුස්සා උන්වහන්සේ මිස අන් කිසිවෙකුත් නොමැත. ඔහු කේවල ය. නැමදීමට හෝ මැවීමට දෙවියන් දෙදෙනෙකු සිටීම යනු හාස්‍යජනක කරුණකි. මන් ද මොලොවෙහි මැවුම්කරුවන් දෙදෙනෙකු සිටී නම් කෙනෙකුගේ මැවීම් කෞශල්‍ය හැකියාවෙන් අනෙකාගේ නොහැකියාව ගම්‍ය වන අතර එම`ගින් ඔහුගේ දේවත්වය ද පළුදු වන්නේය. 

3. දහමින් ලැබෙන සාධක:

දෙවි`දාණන්ගේ මැවුම්කරු සංකල්පය, උතුමාණන්ගේ සූක්ෂම ඥාණය සහ ආශිර්වාදය යන අංගයන් සෑම දහමක් විසින් ම පිළිගනු ලැබේ. මෙම දහමට නීති සම්පාදකයෙක් අත්‍යවශ්‍ය වන්නේය. එබැවින් ඉස්ලාමයේ  නීති සම්පාදකයා වනුයේ දෙවි`දාණන් අල්ලාහ් ය. මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා: {ජනයිනි, නුඹලා ද නුඹලාට පෙර සිටියවුන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට අවනත වනු. (එයින්) නුඹලාට ආරක්ෂාව ලබා ගත හැක්කේය. නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් හා අහස වියනක් කර, තවද අහසින් වැසි වස්වා එමගින් නුඹලාට පෝෂණය වශයෙන් පළතුරු හට ගැන්වූයේ ද ඔහු ම ය. එබැවින් (මේ සියල්ල) නුඹලා (පැහැදිලිව) දැන සිටියදීත් අල්ලාහ්ට (කිසිසේත්) ආදේශයන් නො තබනු}
[උතුම් කුරානයේ 02 : 21 - 22 වැකිවල අදහස්]

සෑම ධර්ම ග‍්‍රන්ථයක් ම පවසනුයේ ද මෙය යි.

4. බුද්ධිමය සාධක:

දේව පැවැත්මෙහි සත්‍යතාවය ඉස්මතු කරන එමෙන් ම සියලූ දෙනා විසින් ගෙනහැර පා ලබන දෘෂ්‍යමාන සාධක නම්,

1. කන්නලව්වට පිළිතුරු ලැබීම.

මිනිසෙකු විසින්  දෙවි`දාණන් කරා ”මාගේ දෙවි`දුනි,” යන්නෙන් කන්නලව් කරනු ලැබේ. දෙවි`දාණන් ද ඔහුගේ ආයාචනාවට ප‍්‍රතිචාර දක්වන්නේය. මෙය දෙවි`දාණන්ගේ පැවැත්ම සත්‍ය කරන දෘශ්‍යමාන සාධකයකි. දෙවි`දාණන් ඔහුගේ විශ්වාසය පළුදු නොකර ඔහුට පිළිතුරු ලබා දෙන්නේය. මෙය යථාර්තයයි. මෙකී යථාර්තය වත්මනේ මෙන් ම පූර්වයේ ද සත්‍ය වී ඇති ආකාරය බොහෝ නිදසුන් තුළින් අපට ගම්‍ය වන්නේය. සැබැවින් ම දෙවි`දාණෝ ඔවුන්ගේ කන්නලව්වට පිළිතුරු ලබා දුන්නෝය. මෙය මැවුම්කරුවෙකුගේ පැවැත්ම සනාථ කරවන සාධකයකි. උතුම් කුරානයේ බොහෝ ස්ථානවල ද මේ පිළිබ`ද ස`දහන් වන්නේය. මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා : {අය්යූබ්ට ද (අනුග‍්‍රහය පිරිනැමුවෙමු.) පීඩාව මා වැළඳ ගෙන ඇත. ඔබ දයාලූවන්ගෙන් පරම දයාලූ යැයි ඔහුගේ පරමාධිපතිට ඔහු අඬගැසූ අවස්ථාව සිහි කරනු. (එවිට) අපි ඔහු(ගේ ප‍්‍රාර්ථනාව) ට පිළිතුරු දුනිමු. ඔහු මත වූ පීඩාව අපි පහ කළෙමු. තවද අපගේ සන්නිධානයෙන් දයාලූවක් ලෙස ද නැමදුම් කරන්නන්ට මෙනෙහි කිරීමක් ලෙස ද අපි ඔහුගේ දරු පවුල ද ඔවුන් සමඟ වූ ඔවුන්ගේ එබන්දන් ද ඔහුට පිරිනැමුවෙමු}
[උතුම් කුරානයේ 21 : 83 - 84 වැකිවල අදහස් ]

අදේවවාදය යනු බුද්ධියේ සහ සිතෙහි ඇතිවන ව්‍යාධියකි.

මෙම වැකිය හැර තවත් බොහෝ වැකි උතුම් කුරානයේ ස`දහන් වන්නේය.

2. මිනිසාට යහම`ග ලැබුනේ නම් ඔහුගේ දිවිය ආනන්දයෙන් සපිරෙනු ඇත.

දරුවෙකු ජනිත වූ මොහොතේ තම මවගේ ලැම උරා කිරි බීමට එම බිළි`දාට ම`ගපෙන්වනුයේ කවුරුන් ද? ‘හුද් හුද්Z (කොට්ටෝරුවාට සමීප පෙනුමක් ඇති) පක්ෂියාගේ පානයට මහපොළොව යට ජලය තිබෙන බවට ම`ගපෙන්වන්නේ කව්රුන් ද? මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා : {අපගේ රබ්(පරමාධිපති) ඔහුගේ මැවීම්වලට සෑම දෙයක් ම ලබා දී ඔවුන් ඍජු මඟට යොමු කළේය}[උතුම් කුර්ආනයේ 20 : 50 වැකියේ කොටසක අදහස]

3. දේව¥තයින්ගේ සත්‍යතාවය ඔප්පු කළ සාධකයන්

දෙවි`දාණන් දේව¥තයින් මගින් උන්වහන්සේගේ පැවැත්ම ඔප්පු කළේය. එනම් ඔවුන්ගේ ¥ත මෙහෙවර සත්‍ය කිරීමට නොයෙකුත් ප‍්‍රාතිහාර්යන් ලබා දුන්නේය. යම් ප‍්‍රජාවක් සම`ග ජීවත් වන මිනිසුන් අතුරින්  ශ්‍රේෂ්ඨයින් තෝරා ඔවුනට දේව¥ත පදවිය සහ එම මෙහෙවර සත්‍ය කරන ප‍්‍රාතිහාර්යන් (පෙළහැර) ද ලබා දුන්නේය. ඔවුහු දෙවි`දාණන් විසින් ලබා දෙන ලද වගකීම නිසි ලෙස ඉටු කළෝය.

අදේවවාදය යනු මිනිස් සිතුවිල්ලෙහි ඇති වන දෝෂයකි. බුද්ධියෙහි ඇතිවන රෝගයකි. එම සිතුවිල්ල හදවතට අන්ධකාරය මෙන් ම ජීවිතයට ආලෝකය වන්නේය.



Tags: