විශ්වාසයේ වරප‍්‍රසාද

විශ්වාසයේ වරප‍්‍රසාද
විශ්වාසයේ වරප‍්‍රසාද:
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{දෙවිඳාණන් කෙසේ උපමාවක් යෙදුවේ දැයි ඔබ නො දකින්නේ ද? යහපත් වදන සරු ගසක් මෙනි. එහි මුල් ස්ථීර ව පිහිටියේය. එහි අතු අහස කරා විහිදා තිබේ. ස්වකීය පරමාධිපතිගේ අනුබලය මත සෑම මොහොතක් පාසා ම එය ඵල දරයි. ජනයා මෙනෙහි කරනු පිණිස, ඔවුනට දෙවිඳාණන් මෙවැනි උපමා ගෙන හැර දක්වති}
[උතුම් කුරානයේ 14 : 24-25 වැකියේ අදහස]
විශ්වාසයේ ප‍්‍රතිලාභ පිළිබඳ පහත සඳහන් වේ.
1. සත්‍ය විශ්වාසය සිතට සැනසීම, ශරීරයට සුවය සහ හදවත ද විස්තීර්ණ කරන්නේය.
{දැනගන්න! දෙවිඳාණන් මිතුරන් වන ඔවුනට බියක් නැත. ඔවුහු දුක් වන්නෝ ද නොවෙති}[උතුම් කුරානයේ 10 : 62 වැකියේ අදහස ]
2. දෙවිඳාණන්ගෙන් විශ්වාසිකයන්ට විශේෂිත වූ වරප‍්‍රසාදයක් හිමි වන්නේය. එනම්, සත්‍යය නැමැති ආලෝකය අනුගමනය කිරීමේ අවස්ථාව උදා වීම යි.
3. කවරෙකු දෙවිඳාණන් පිළිබඳ විශ්වාසය සත්‍යයක් යැයි තහවුරු කරන්නේ ද ඔහුට දේව තෘප්තිය මෙන් ම මතු පැවැත්මෙහි ස්වර්ග සැප සම්පත් ද හිමි වන්නේය.
{විශ්වාස කරන පුරුෂයින්ට ද විශ්වාස කරන ස්ත‍්‍රීන්නට ද ගංගාවන් ගලා බස්නා ස්වර්ගයන් තිළිණ කරන බව දෙවිඳාණන් පොරොන්දු වී ඇත. ඔවුහු එහි සදාකල් වාසය කරති. ඔවුනට අද්න් යන ස්වර්ගයෙහි පිරිසිදු වාසස්ථානයන් ද ඇත. දෙවිඳාණන් ගේ තෘප්තිය ඉමහත් ය. එය විශිෂ්ඨත ම ජයග‍්‍රහණය ද වේ}
[උතුම් කුරානයේ 9 : 72 වැකියේ අදහස]
4. සියලූ ම ආපදාවන්ගෙන් සහ ව්‍යසනයන්ගෙන් දෙවිඳාණන් ඔහුගේ විශ්වාසකයින්, පක්ෂග‍්‍රාහීන් සහ ඔහු ආදරය කරන්නන් ආරක්ෂා කරන්නේය{දෙවිඳාණෝ දේව විශ්වාසකයින් ආරක්ෂා කරති} [උතුම් කුරානයේ 22 : 38 වැකියේ කොටසක අදහස]
එබැවිනි, දේව දූත ආබ‍්‍රහම් (ඉබ්රාහිම්) ඔහුගේ සමාජය විසින් ගින්නට ඇද දමනු ලැබූ මොහොතේ ආරක්ෂා වූයේ. එමෙන් ම, දේව දූත මුහම්මද්තුමාණන් මක්කමේ සිට මදීනා නුවරට සංක‍්‍රමණය වන සමයේ ආරක්ෂිත ව එනුවර ට සේන්දු වූයේ.
ශක්තිවන්තයා ඔහුගේ ශක්තිය හේතුකොටගෙන බලවත් වන්නේ යම්සේද එලෙස දුර්වල පුද්ගලයා දේවවිශ්වාසය හේතුකොටගෙන ශක්තිමත් වන්නේය.
5.මෙලොව නායකත්වය සහ ශ්‍රේෂ්ඨත්වය ඔවුන් ඉවසා සිටි නිසා සහ අපගේ වදන් තරයේ විශ්වාස කළ නිසා අපගේ අණින් මඟ පෙන්වන නායකයින් ඔවුන් අතුරින් ම අපි බිහි කළෙමු}
[උතුම් කුරානයේ 32 : 24 වැකියේ අදහස]
මොවුන් ධර්මයේ විද්වතුන් වන අතර දෙවිඳාණන් විසින් සැමදා මතක් කරනු ලබන අතර ශ්‍රේෂ්ඨ සමාජය වන්නේ ද ඔවුන් ම ය. ඔවුන්ගේ වීර වික‍්‍රමයන්හි ඉතිහාසයන් ඔවුහු හැර ගියෝය. ඔවුන්ගේ දෑස් නොපෙනුන ද ඔවුන්ගේ තොරතුරු සහ බලපෑම් මේ සමාජය තුළ රැව් දෙන්නට විය.
6. මුඃමින්වරුන් (අල්ලාහ් කෙරෙහි විශ්වාසවන්තයින්) පිළිබඳ තිබෙන්නා වූ අල්ලාහ් දෙවිඳාණන්ගේ ආදරය{අල්ලාහ් දෙවිඳාණන් ඔවුනට ප‍්‍රිය කරන අතර ඔවුහු ද දෙවිඳාණන්ට පි‍්‍රය කරන්නෝය}
[උතුම් කුරානයේ 05 : 54 වැකියේ කොටසක අදහස]
මේ පිළිබඳ අල්ලාහ් දෙවිඳාණෝ වදාළා:{විශ්වාස කර, යහකම් කරන අය වන ඔවුනට, අපරිමිත දයාන්විත අල්ලාහ් දෙවිඳාණෝ නියත වශයෙන් ම සෙනෙහස පාන්නෝය}[උතුම් කුරානයේ 19 : 96 වැකියේ අදහස]
දේව විශ්වාසයෙන් තොර ජීවිතය මරණය බඳු ය. දේව විශ්වාසය නොමැති දෑස අන්ධ ය. දේව විශ්වාසය නොමැති දිව ගොළු ය.
7. සැලසුම් සහගත පවුල් දිවි ය{පුරුෂයින්ගෙන් සහ ස්ත‍්‍රීන්ගෙන් කවරෙකු හෝ වේවා ඔහු විශ්වාස කරන්නෙකු ලෙස යහපත් ක‍්‍රියා කරන්නේ ද අපි (මෙලොව) හොඳ ජීවිතයක් ගත කිරීමට ඔහුට ජීවය ලබා දෙන්නෙමු. තව ද ඔවුන් කරමින් සිටි විශිෂ්ඨ දෑ අනුව අපි (පරලොවෙහි) ඔවුන්ගේ ක‍්‍රියාකාරකම්වලට ඔවුනට තිළිණ ලබා දෙන්නෙමු}
[උතුම් කුරානයේ 16 : 97 වැකියේ අදහස]
ප‍්‍රීතිමත් මෙන් ම සැපවත් පවුල් දිවියක් අපේක්ෂා කරන්නන් කොහි ද?
8. අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි විශ්වාසවන්තයින්ට තිබෙන ආදරය සහ දෙවිඳාණන්ට විශ්වාසවන්තයින් කෙරෙහි තිබෙන ආදරය.{දෙවිඳාණන් ඔවුනට ප‍්‍රිය කරන අතර ඔවුහු ද දෙවිඳාණන්ට පි‍්‍රය කරන්නෝය}[උතුම් කුරානයේ 05 : 54 වැකියේ කොටසක අදහස]
දෙවිඳාණන්ගේ ආදරයට සහ කරුණාවට ඔවුන් පාත‍්‍ර වන අතර මිනිසුන් අතරින් ඉතා ප‍්‍රිය අයලූවන් ලෙස ද ඔවුහු පත් වෙති.
9. විශ්වාස කළ අයලූවන්ට දෙවිඳාණන්ගෙන් ශුභාරංචි පැමිණේ.
{විශ්වාසවන්තයින්ට ශුභාරංචිය පවසන්න} [උතුම් කුරානයේ 09 : 112 වැකියේ කොටසක අදහස]
මෙම ශුභාරංචි ඉමහත් දෙයක් වන අතර එහි බලපෑම ශරීරාංගයෙන් ඉස්මතු වන්නේය. ශුභාරංචි යනුවෙන් හඳුන්වනුයේ මෙබැවිනි.{(මෙම උතුම් කුරානය) විශ්වාස කර, (එහි ඉගැන්වීම් අනුව) යහපත් කි‍්‍රයාවන් කළ අයට ගලා බසිනා ගංගාවන්ගෙන් යුත් ස්වර්ග නියත වශයෙන් ම ඇතැ”යි යන ශුභාරංචිය දන්වනු}
[උතුම් කුරානයේ 01 : 25 වැකියේ කොටසක අදහස]
10. ස්ථීර විශ්වාසය ස්ථිරත්වයට හේතුවකි.
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :
{ඔවුන් කෙසේ ද යත්, නියත වශයෙන් ම (ඔබලාට විරුද්ධ ව සතුරු) ජනයා රැස් ව සිටිති. එබැවින් ඔවුනට බිය වෙන්නැයි ජනයා ඔවුනට කී විට, එය ඔවුන්ගේ දෙවිඳාණන් කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය කළේය. එවිට දෙවිඳාණෝ අපට ප‍්‍රමාණවත් වෙති. උතුමාණන් භාරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨතම භාරකරුවාණෝ යැයි ඔවුහු කීහ}
[උතුම් කුරානයේ 01 : 25 වැකියේ අදහස]
දේව දූතයින්, දේව දූත මුහම්මද්තුමාණන් සමඟ සිටි සහගාමීන් සහ ඔවුන් අනුගමනය කළවුන්ගේ කැපවීම් සහ ස්ථීර විශ්වාසය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්නට හේතු වූයේ අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි වු මෙවැනි දැඩි විශ්වාසය නිසාවෙනි.
11. ධර්ම දේශන මඟින් ප‍්‍රයෝජන ලබා ගැනීම.
{අනුශාසනා කරන්න. අනුශාසනය විශ්වාසවන්තයින්ට ප‍්‍රයෝජනවත් වනු ඇත}[උතුම් කුරානයේ 51 : 55 වැකියේ අදහස ]
ඇදහිලිවන්තයින්ට ධර්ම දේශනා සහ සිහි ගැන්වීම් ප‍්‍රයෝජනවත් වේ.
12. ඇදහිලිවන්තයෙකු වෙත දෙවිඳාණන් දුෂ්කරතාවය සහ පහසුව ඇති කරනුයේ ඔහුගේ ම යහපත පිණස ය.
«ඇදහිලිවන්තයෙකුගේ සෑම ක‍්‍රියාවක් ම මවිත කර වන සුළු ය. ඔහු මුහුණ පාන සිදු වීම් සියල්ලක් ම ඔහුට යහපතක් ම ගෙන දෙන්නේය. ඇදහිලිවන්තයෙකුට මිස අන් කෙනෙකුට මෙලෙස සිදු නො වන්නේය. ඔහුට සතුටුදායක සිදු වීමක් සිදු වුවහොත් ඔහු එයට කෘතගුණ දක්වන්නේය. එය ඔහුට යහපතක් ම වන්නේය. එමෙන් ම ඔහු දුෂ්කරතාවයකට මුහුණ පෑවේ නම් ඔහු ඒ කෙරෙහි ඉවසීමෙන් සිටින්නේය. එය ද ඔහුට යහපතක් ම වන්නේය» (මූලාශ‍්‍රය: මුස්ලිම්)
දේව විශ්වාසය මිනිසා සොම්නසින් සිටින විට කෘතගුණ සලකන්නෙකු හැටියට ද දොම්නසින් සිටින විට ඉවසිලිවන්තයෙකු හැටියට ද පත් කරන්නේය.
13. දේව ඇදහිලිවන්තයා මහා පාපයෙන් මිදෙන්නේය.«අනාචාරයේ හැසිරෙන්නෙකු ඔහුගේ සිතෙහි දේව විශ්වාසය පවතින විට එම ක‍්‍රියාවෙහි නො නියැලෙන්නේය»
(මූලාශ‍්‍රය: බුහාරි)
මෙය දේව විශ්වාසය හේතු කොට ගෙන ඇදහිලිවන්තයෙකු වෙත පිරිනමනු ලබන ඉමහත් තිළිණයක් වේ. මානසික සුවය, සැනසුම සහ සතුට සොයන්නන් කොහි ද?
පිවිතුරු චේතනාවෙන් ලැබෙන ප‍්‍රයෝජන:

පිවිතුරු චේතනාවෙන් ලැබෙන ප‍්‍රයෝජන:

01. යහපකි‍්‍රයාවන් පිළිගනු ලැබීම.

මෙය ම ප‍්‍රධානත ම අරමුණ විය යුතුය. එමෙන් ම මෙය යහක‍්‍රියාවන් පිළිගනු ලැබීම උදෙසා වූ පවතින එක්තරා කොන්දේසියකි. එනම් අවංකභාවය සහ පිවිතුරු චේතනාව අත්‍යවශය වන්නේය.

දේවදූත මුහම්මද් තුමාණන් මෙසේ ප‍්‍රකාශ කළේය. «දෙවිඳාණන් විසින් යහපත් ක‍්‍රියාවන් පිළිගනු ලැබෙන්නේ එය අවංක ලෙස මෙන් ම උතුමාණන් වෙනුවෙන් වූ පිවිතුරු චේතනාවෙන් පැවතියහොත් පමණි» (මූලාශ‍්‍රය : නසාඉ)

දේවදූත මුහම්මද් තුමාණන් මෙසේ ප‍්‍රකාශ කළේය. «මෙම සමාජයේ දුර්වල මෙන් ම නොහැකියාවෙන් පෙළෙන ගැත්තන්ගේ ප‍්‍රාර්ථනාවන් ඔවුන්ගේ නමස්කාරයන් හේතුකොටගෙන සහ අවංකභාවය හේතුකොටගෙන පිළිගනු ලැබෙන්නේය» (මූලාශ‍්‍රය : නසාඉ)

03 සිත කිළුටු කරන කරුණු වලින් තම සිත ආරක්ෂා කර ගැනීම.

එනම් ක්‍රෝධය, වෛරය, ඊර්ෂියාව සහ වංචාව වැනි සිත ¥ෂණය කරන කිළුටු ක‍්‍රියාවන්ගෙන් මිදීම.

දේව¥ත මුහම්මද් තුමාණන් එතුමාණන්ගේ අවසන් හජ් වන්දනාවේ දී මෙලෙස ප‍්‍රකාශ කළේය.

«කරුණු තුනක් තිබේ එම කරුණු තුන සත්‍ය දේව ඇදහිලිවන්තයෙකුගේ සිත සලිත නොකරයි. ඉන් පළමුවැන්න නම්, පිවිතුරු චේතනාවෙන් සහ අවංකභාවයෙන් යහක‍්‍රියාවන්හි නියැලීම, මුස්ලිම් විද්වතුන්ගේ උපදෙස් පිළිපැදීම සහ ඔවුන්ගේ පිරිවර සම`ග තදින් වෙලීම.» (මූලාශ‍්‍රය : තිර්මිදි)

උමර් තුමාණන්ගේ පුත‍්‍රයාණන් මෙසේ ප‍්‍රකාශ කළේය.{ශීර්ෂ ප‍්‍රණාමයක් හෝ ධානයක් පමණක් දෙවිඳාණන් විසින් පිළිගනු ලැබෙන්නේ නම්, මම අධික ලෙස ප‍්‍රියකරන මරණයෙන් නො සැ`ගවෙමි. උතුමාණන් පිළිගන්නේ කවරක් ද යන්න ඔබ දන්නෙහි ද?අල්ලාහ් පිළිගන්නේ බියබැතිමත් අය පමණයි}
[උතුම් කුරානයේ 05 : 27 වැකියේ කොටසක අදහස]

04. තම ලෞකික ක‍්‍රියාවන් යහ ක‍්‍රියාවන් සමඟ එක්කාසු කරගැනීම.

දේවදූත මුහම්මද් තුමාණන් මෙසේ ප‍්‍රකාශ කළේය.

«ඔබ ඔබගේ බිරිඳ සමඟ සංසර්ගයේ යෙදීම හේතුකොටගෙන ද යහපත් තිළිණ මෙන් ම ආනිසංස ද පිරිනැමෙන්නේය. එවිට එතුමාණන්ගේ මිත‍්‍රයින් ‘‘ දේවදූතයිනි, මිනිසා තමාගේ බිරිඳ සමඟ සංසර්ගයේ නියැලෙන්නේ ඔහුගේ කාමාෂාව නිසාවෙන්ය. එම කි‍්‍රයාවට පවා ඔහුට ආනිසංස ලැබෙන්නේ දැයි විමසුවෝය.’‘ එවිට එතුමාණන් ‘‘ ඔහු ආනාචාරයේ හැසිරෙන විට එය බලවත් වරදක් හැටියට මෙන් ම පාපයක් හැටියට සලකනවා නො වේ ද? එලෙස ම එය නිත්‍යානුකූල මෙන් ම හලාල් (අනුමත) වන විට දී ආනිසංස ද හිමිවන්නේය.’’ යන්නෙන් පැවසුවේය»
(මූලාශ‍්‍රය : මුස්ලිම්)

05. මිත්‍යා විශ්වාසයන්, චකිතයන් සහ සාතාන්ගේ නොමනා සිතුවිලි සිතෙන් පළවා හැරීම.

සර්වබලධාරි දෙවිඳාණන්, සාතාන් ව උතුමාණන්ගේ ආශිර්වාදයෙන් දුරස් කිරීමටත් පළවා හැරීමටත් හේතුබූත වූ කාරණාව සම්බන්ධ ව උතුම් කුරානයේ මෙසේ සඳහන් කරයි.

{මාගේ පරමාධිපතියාණනි, ඔබ මා වරදට යොමු කළ නිසා නියත වශයෙන් ම මම මහපොළොවෙහි (සියලූ දෑ) ඔවුනට ආකර්ෂණීය කරන්නෙමි. ඔවුන් අතුරින් තෝරාගනු ලැබූ ඔබගේ ගැත්තන් හැර.අනෙකුත් සියලූ දෙනා වරදට යොමු කරන්නෙමියි ඔහු ඉබ්ලීස් (සාතාන්) කීවේය}[උතුම් කුරානයේ 15 : 39 - 40 වැකිවල අදහස් ]

06 ¥ෂ්කරතාවයන් සහ දුක් කම්කටොළු තුරන් වීම. රාත‍්‍රියේ නවාතැන් සොයාගිය තිදෙනාගේ සිද්ධිය හෝ ගුහාවක නවාතැන්ගත් තිදෙනාගේ සිද්ධිය උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.

07 දේව¥ත ජෝසෆ්ට (යූසුෆ්තුමාණන්ට) ජයග‍්‍රහණය සහ සමාදානය, ප‍්‍රශ්න හට ගැනීමට මූලික කරුණු විය. මේ පිළිබඳ උතුම් කුරානයේ මෙසේ සඳහන් වේ.

{ඇය ඔහු අපේක්ෂා කරමින් ඔහු වෙත ළං වූවාය. තම පරමාධිපතිගේ පැහැදිලි සංඥාව ඔහු දැක නොතිබුණේ නම් ඔහු ද ඇය දෙසට අපේක්ෂාවෙන් යුතුව ළං වන්නට ඉඩ තිබුණි.අවිනීතකම සහ අසභ්‍යකම ඔහුගෙන් බැහැර කිරීම සඳහා අපි මෙය එසේ කළෙමු. නියත වශයෙන් ම ඔහු තෝරා ගනු ලැබූ අපගේ ගැත්තන්ගෙන් කෙනෙකි}
[උතුම් කුරානයේ 12 : 24 වැකියේ අදහස]

දෙවිඳාණන් මිනිසාගේ හදවතින් ලෞකික ආශාවේ මෝහය ඉවත් කරන්නේය. එමෙන් ම එම ආශාව මිනිසාගේ හදවත හා සම්බන්ධ වන ආකාරයට ද පැහැදිලි කරන්නේය. තවද එය මිනිස් හදවතින් ක්ෂය වී යන ආකාරය ද පැහැදිලි කරන්නේය.

08 අල්ප මෙන් ම දුර්වල යහපත් ක‍්‍රියාවක් වූව ද එහි ආනිසංස ඔහු හිමිකර ගන්නේය.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{තමන්ට (සටනට පිටත්වීමට) ආරෝහක (ඔටුවන්) සපයා දෙන ලෙස නුඹ වෙත පැමිණ ඉල්ලා සිටි විට නුඹලාට ආරෝහක (ඔටුවන්) සපයා දීමට මට නොහැකි යැයි නුඹ කියූ අවස්ථාවේ (ජිහාදය සඳහා පෙරමුණට යාමට) තමන්ට වියදම් කිරීමට දැයක් නැතැයි දුක්බර වෙමින් ඔවුන්ගේ නෙතින් කඳුළු පිරී ඉතිරී යමින් ආපසු ගිය අය ගැන ද (චෝදනා කිරීමට) කිසිම මඟක් නැත.}
[උතුම් කුරානයේ 09 : 92 වැකියේ අදහස]

දේවදූත මුහම්මදු තුමාණන් මෙසේ ප‍්‍රකාශ කළේය.«අවංක සිතින් කවරෙකු සත්‍ය ලෙස යුද වැදී මිය යා යුතු යැයි අධිඨන් කරන්නේ ද ඔහු තම පැදුරේ මිය ගිය වූව ද යුද වැදී මිය ගිය කුසල හිමිකරගන්නේය»(මූලාශ‍්‍රය : මුස්ලිම්)

09.එමෙන් ම ඔහු ස්වර්ගයට ද පිවිසෙන්නේය.{නුඹලා කරමින් සිටි දෑට මිස නුඹලා ඵලවිපාක නොලබන්නෝ යැයි (එවිට ඔවුනට කියනු ලැබේ}
[උතුම් කුරානයේ 37 : 39 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:

{අල්ලාහ්ගේ අවංක වහලූන් හැර. ඔවුනට නියමිත පාරිභෝජනය ඇත. පලතුරු (ද ඇත.) ඔවුහු ගෞරව කරනු ලබන්නෝය. භාග්‍යයෙන් යුත් ස්වර්ගයන්හිය.(ඔවුහු) මුහුණට මුහුණලා යහන්වල (හාන්සි වී) සිටිති. (මිදි යුෂ) උල්පත්වලින් ලැබෙන පානයෙන් පිරුනු කුසලාන ඔවුන් වටේ යවනු ලබයි.(එය) සුදු පැහැතිය. පානය කරන්නන්ට ප‍්‍රණීත වේ. ඔවුනට එයින් (ශාරීරික) උවදුරක් නැත. ඔවුන් එයින් මත් ද නොවේ. ඔවුන් සමඟ දමිත බැල්මෙන් යුත් ලලනාවෝ වෙති. ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි}
[උතුම් කුරානයේ 37 : 40 - 49 වැකියේ අදහස]

මෙය මූනිච්චාව මිශ‍්‍ර නොවූ පවිත‍්‍ර චේතනාවන්හි සහ අවංකභාවයට ලැබෙන තිළිණයන් ය.

‘‘කරන්නා වූ යහපත් කි‍්‍රයාව අල්ප දෙයක් වූව ද එහි පිවිතුරු චේතනාව සහ අවංකභාවය පවතින්නේ නම් මහාපරිමානයේ කුසලයන් සහ තිළිණයන් හිමිවන්නේය. ඇතැම්විට මහාපරිමානයේ ක‍්‍රියාවන් වල පිවිතුරු චේතනාව නොමැති වන විට හිමිවන ආනිසංස ද අල්ප වන්නේය.’’

(ඉබ්නුල් මුබාරක්)

‘‘ඔබ පාපයන්හි සැඟවී නියැලෙන්නාක් මෙන් යහපත් ක‍්‍රියාවන්හි නියැලෙන විට දී ද අන් අයට නොපෙන්වා රහසිගතව ඉටු කරන්න’’

(අබූ හාෂිම් අල් මදනි)



Tags: