අල්ලාහ් දෙවිඳාණන් කවරෙක් ද යන්න හඳුනා ගන්නා පුද්ගලයා උතුමාණන්ට ආදරය කරන අතර දෙවිඳාණන් නාමස්කාර කර සුවිශුද්ධ කරන්නේය.
පිවිතුරු චේතනාව සැදැහැවතුන්ගේ පළිහ යි. එමෙන් ම දෙවිඳාණන්ට බියබැතිමත් වූ ආත්මයට සහ දෙවිඳාණන් අතර පවතින රහස යනුවෙන් ද මෙය හැඳින්විය හැකිය. මෙම`ගින් මූනිච්චාව විසන්ධි වී යන්නේය. එම නමස්කාරයන් ඉටු කෙරෙනු ලබන්නේ දෙවිඳාණන් අල්ලාහ්ට පමණි. තමාගේ සිත උතුමාණන්ගෙන් තොරව අන්කිසිවෙකුගෙන්වත් අයාචනා නොකළ යුතුය. මිනිසුන්ගෙන් ප‍්‍රශංසාව බලාපොරොත්තු නොවිය යුතුය. දෙවිඳාණන්ගෙන් හැර අන් කිසි පුද්ගලයෙකුගෙන් තිළිණ බලාපොරොත්තු නොවිය යුතුය.
පිවිතුරු චේතනාව යනු කි‍්‍රයාවන්ගේ අංගසම්පූර්ණ අලංකාරයි. එම`ගින් ලෞකික දිවියෙහි කිසියම් අවස්ථාවන්හි පමණක් ගෞරවය හිමිවන අතර අපගේ අවනත වීම තිබිය යුත්තේ දෙවිඳාණ්ට පමණි. දෙවිඳාණන් විසින්, මිනිසා යහපත් චේතාවෙන් ඉටු කරන ලද කි‍්‍රයාවන්ට තිළිණ ලබා දෙනු ඇත.
දේවදූත මුහම්මද් තුමාණන් මෙසේ ප‍්‍රකාශ කළේය.
«ක‍්‍රියාවන් සියල්ලක් ම තක්සේරු කරනු ලබනුයේ චේතනාව අනුව ය. මිනිසා අරමුණු කරගන්නා දේ හිමිකරගන්නේය. දෙවිඳාණන් වෙනුවෙන් සහ උතුමාණන්ගේ දේවදූතයා වෙනුවෙන් කවරෙකු දේශාන්තරය කරන්නේ ද ඔහුගේ දේශාන්තරය සිදු වූයේ දෙවිඳාණන් වෙනුවෙන් සහ උතුමාණනගේ දූතයාණන් වෙනුවෙන් බව තක්සේරු කරනු ලැබේ. එමෙන් ම ලෞකික සැපසම් උදෙසා හෝ කාන්තාවක් විවාහ කරගැනීමේ අධිඨනින් කවරෙකු හෝ දේශාන්තරය කරන්නේ නම් ඔහුගේ එම සංක‍්‍රමණය පවතිනුයේ හුදෙක් එම අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා පමණ ය» (මූලාශ‍්‍රය : බුහාරි)
‘‘අය්යූබ් අස්සහ්තානි’’ නමින් හැඳින්වන පුද්ගලයා රාත‍්‍රිය මුළුල්ලේ ම දේව නමස්කාරයෙහි නියැලෙන්නේය. හිමිදිර උදය වන විට තමා රාත‍්‍රී කාලය පුරාවට ම නමස්කාරයෙහි නියැලෙන බව අන්අයට පෙන්වීම සඳහා උස් හ`ඩින් ශබ්ද කරන්නේය.
පිවිතුරු චේතනාව හටගන්නා ස්ථානය:පිවිතුරු අවංක චේතනාවට ඉස්ලාමයේ හිමි වනුයේ වැදගත් ස්ථානයකි. එම චේතනාවෙන් තොර වූ කිසිදු කි‍්‍රයාවක් පිළිගනු නො ලැබෙන්නේය.පිවිතුරු චේතනාව පිළිබඳ උතුම් කුරානයේ බොහෝ වැකියන් හි සඳහන් වන්නේය. එයින් සමහරක් ඔබට ගෙනහැර පෙන්වන්නෙමු.{දහම ඔහුට පමණක් අවංකව හිමිකර දෙමින් පිවිතුරු චේතනාවෙන් යුතුව අල්ලාහ්ට නැමදුම් කරන ලෙසත් සලාතය ස්ථාපනය කරන ලෙසත් ‘‘සකාත් ’’(සරණදීමනාව) පිරිනමන ලෙසත් විනා (අන් කිසිවක්) ඔවුන්ට අණ කරනු ලැබුවේ නැත}
[උතුම් කුරානයේ 98 : 05 වැකියේ කොටසක අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {නියත වශයෙන් ම මාගේ සලාතය (නැමදුම* ද මාගේ පුද පූජාවන් ද මාගේ ජීවිතය ද මාගේ මරණය ද විශ්වයාධිපති වූ අල්ලාහ්ටම යැයි පවසනු. ඔහුට ආදේශයන් නැත. මට අණ කරනු ලැබුවේ මෙසේය. තවද මම මුස්ලිම්වරුන්ගෙන් අල්ලාහ්ට කීකරු වූ තැනැත්තන්ගෙන් පළමු වැන්නා වෙමි}
[උතුම් කුරානයේ 06 : 162 - 163 වැකිවල අදහස්]
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {නුඹලාගෙන් කවරෙකු ක‍්‍රියාවෙන් ඉතා හොඳ දැයි පිරික්සනු පිණිස මරණයත් ජීවයත් නිර්මාණය කළේ ඔහුය. ඔහු අතිබලසම්පන්නය, ක්ෂමාශීලීය}
[උතුම් කුරානයේ 67 : 02 වැකියේ අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {අපි මෙම ධර්ම ග‍්‍රන්ථය සත්‍යය සමඟ නුඹ වෙත පහළ කෙළෙමු. එනිසා, අවනතභාවය ඔහුට පමණක් හිමිකරමින් නුඹ අල්ලාහ්ට ඉබාදත් (නැමදුම්) කරනු. දැනගනු ! අවංක අවනතභාවය අල්ලාහ්ට පමණි. ඔහු හැර ආරක්ෂකයින් වශයෙන් ගත් උදවිය අප ඔවුන් නමදින්නේ අල්ලාහ් වෙතට ඔවුන් අපව සමීප කිරීමට මිස නැතැයි කියන්නෝය. ඔවුන් බේද වී සිටි දෑ පිළිබඳ නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් අතර විනිශ්චය කරනු ඇත. බොරුකාර ප‍්‍රතික්ෂේප කරන්නෙකුව සිටින කිසිවෙකුට අල්ලාහ් නියත වශයෙන් ම මඟ නො පෙන්වන්නේය}
[උතුම් කුරානයේ 39 : 2 - 3 වැකිවල අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{මා නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවියා එක ම දෙවියෙකු පමණක් බව මට හෙළිදරව් කරනු ලබන්නේය. එමනිසා තම පරමාධිපති මුණ ගැසීමට බලාපොරොත්තු වන අය දැහැමි ක‍්‍රියාවන් කළ යුතුය. තවද තම පරමාධිපතිට අවනත වීමේ දී කිසිවෙකු ආදේශ නොකළ යුතු යැයි (මුහම්මද් ,) පවසනු}
[උතුම් කුරානයේ 18 : 110 වැකියේ අදහස]